ජපාන ගමනින් හැලුණු ජාතික තලයේ වේගවත්ම කණිෂ්ඨ ක්‍රීඩිකාවන්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පසුගිය වසරේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නව කණිෂ්ඨ වාර්තාවක් සමගින් මීටර් 100 සහාය දිවීමේ රන් පදක්කම දිනාගත් කණ්ඩායම ගැන අප ලිපිපෙලක් පළ කළේය.

ඒ ඔවුනට ජපානයේ පැවැති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි කිරීම හේතුවෙනි.

ඒ සම්බන්ධයෙන් පළ කළ ලිපි පහතින් කියවන්න.

ඉහත සඳහන් කළ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පසුගිය දා අවසන් වූ ජාතික තේරීම් තරගාවලියේ දී, වේගවත්ම ක්‍රීඩිකාවන් සිව් දෙනා අතරට පිවිසීමට සමත් විය.

රුමේෂී රත්නායක හා අමාෂා සිල්වා මෙම තරගාවලියට සහභාගී නොවුණ ද, කණිෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස ජාතික තරගාවලියක වේගවත්ම ක්‍රීඩිකාවන් පිවිසීම පැසසිය යුතුය.

අමාෂා සිල්වා මේවනවිට ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සිදුකරන අතර ඇය එහිදී තරග දෙකකට සහභාගී වෙමින් තත්පර 11.66 හා 11.90 ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 ඉසව්වෙන් දක්ෂතා දක්වා සිටියි.

ශෙලින්ඩා ජැන්සන්, ශෆියා යමීක් හා ශර්මිලා ජෑන් මෙම තරගයේ පළමු, දෙවැනි හා සිව්වැනි ස්ථාන වලට පත් වූවාය.

පසුගිය වසරේ දී, ආසියානු කණිෂ්ඨ තරගාවලියෙන් ඉවත් කළ ක්‍රීඩිකාවන් අද වන විට මෙවැනි ස්ථානයකට පත් වීම දෛවයේ සරදමක් ලෙසද දැක්විය හැක.

 

FIRST NATIONAL SELECTION TRIAL 2019
### BIB NO: NAME PERFORMANCE REMARKS
1 606 SHELINDA JANSEN SL SCHOOL 11.93 +1.4
2 629 SHAFIYA YAMICK UNATTACHED 12.14
3 504 WVL SUGANDI SL ARMY 12.18
4 624 NONA SHARMILA JAN UNATTACHED 12.20
5 521 MASS JAYATHILAKA SL ARMY 12.42
6 614 TMMP WEERASOORIYA KEGALLE DAA 12.42
7 607 DILMI DAHANAYAKE SL SCHOOL 12.59
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org