මීටර් 800 ක්‍රීඩිකාවන් තිදෙනෙකු පරිසාධන මට්ටම පසුකරයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ජාතික තේරීම් තරගාවලිය 2019:  තරගාවලියේ දී සුපිරි දක්ෂතා පිළිබිඹු වූ ඉසව්වක් ලෙස මීටර් 800 කාන්තා අවසන් තරගය දැක්විය හැකිය.

එළඹෙන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ පරිසාධන මට්ටම වූ මිනින්තු 2:04.50 ක කාලයට අඩුවෙන් කාලයන් වාර්තා කිරීමට මෙහි දී ක්‍රීඩිකාවන් තිදෙනෙකු සමත් විය.

තරගාවලියේ තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න

නිමාලී ලියනාරච්චි පුද්ගලිකව දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් තත්පර 2.02.83 ක කාලයක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා වාර්තාව හිමි ගහන්තිකා අබේරත්න මිනිත්තු 2.03.36 ක කාලයක් වාර්තා කලාය.

තුන්වැනි ස්ථානය දිනාගත් පසුගිය ආසියාවු කණිෂ්ඨ තරගාවලියේ පදක්කම් ලාභිනියක වූ ඩිල්ශී කුමාරසිංහ පුද්ගලික හොඳම කාලය ලෙස 2.04.23 ක කාලයක් වාර්තා කිරීමට සමත් වූවාය.

සිව්වැනි ස්ථානය හිමිකගත් එන් චම්පිකා දිල්රුක්ෂීට පරිසාධන මට්ටම අහිමි වුනේ තත්පර දශමයකිනි 1 කිනි.

ඇය වාර්තා කළ කාලය මිනිත්තු 2.04.51 ක් වේ.

තරගයේ ප්‍රථිඵල සටහන හා වීඩියෝව පහතින් නරඹන්න

FIRST NATIONAL SELECTION TRIAL 2019
### BIB NO: PLAYER NAME PERFORMANCE REMARKS
1 581 WKLA NIMALI SL AIR FORCE 2:02.83
2 553 GTA ABERATHNA SL NAVY 2:03.36
3 478 KGDMS KUMARASINGHE KANDY DAA 2:04.23
4 506 NMC DILRUKSHI SL ARMY 2:04.51
5 570 KAD SANDAKANTHI SL AIR FORCE 2:11.87
6 616 K SHANIKA LAKSHANI KEGALLE DAA 2:12.23
7 558 AAN SANJEEWANI SL AIR FORCE 2:14.66
8 564 KGMNA KUMARI SL AIR FORCE 2:17.98
9 509 KAN HANSANI SL ARMY 2:30.54
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org