හිමාෂ දකුණු ආසියාවේ වේගමත්ම ක්‍රීඩකයා බව නැවත තහවුරු කරයි

By www.ceylonathletics.com | | Top Stories

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන හිමාෂ එෂාන් තමා 2016 වසරේ තබා මීටර 100 වාර්තාව නැවතත් බිද දැමීමට සමත් උනා . ඒ ක්‍රීඩා පිටියේදී පැවැත්වූ ආසියානු ශූරතවලිය සදහා වන ජාතික තේරීම් තරගාවලියේදී .

හිමාෂ එෂාන් හට  මීටර් 100 10.20 සිමාව නීත්‍යානුකූලව අභිබවා යෑමට  තිබූ මහඟු අවස්ථාවක් අද තත්පර දශම තුනකින් ගිලිහී ගියේ නැවත දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලාංකිකයෙකු බව පසක් කරමිනි.

Himasha Eashan

අද පැවති පිරිමි මීටර් 100 අවසන් තරගය දෙස සියලු දෙනාගේ අවධානය යොමු වූයේ එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව වෙනස් කරන දවසක් වනු ඇති බවට ඉඟි පළකරමිනි. විනෝජ් සුරංජය සිල්වා හා හිමාෂ ඒෂාන්ගේ ධාවන පථයේ සටන නැරඹීමට සුගතදාස පිටියට විශාල පිරිසක් එක් වූ අතර අප විකාශය කළ සජීවි දර්ශන නැරඹීමට දහස් ගණනක් එක්ව සිටියේ එම අවස්තාව සජීවීව නැරඹීමටය.

අවසන් තරඟයේ දී විනෝජ් සුරංජයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වීම මෙම තරගයේ තීරණයට විශාල බල පෑමක් එල්ල කිරීමට හේතු වූවාට සැක නැත. ඔහු සාර්ථක ආරම්භයක් ලබා ගත්තානම් දෙදෙනාටම තත්පර 10.1 ක කාලයකට යෑමේ අවස්තාව තිබුණාට සැක නැත.

හිමාෂ තරඟය තත්පර 10.22 කින් අවසන් කලේ මෙරටදී මීටර් 100ඉසව්වෙන් දැක්වූ විශිෂ්ඨතම ජයග්‍රහණය වාර්තා කරමිනි.  දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වෙමින් ලොව අද වන විට මෙම වසරේ වේගවත්ම ක්‍රීඩකයා වීමට හිමාෂ ඒෂාන් සමත් විය.

ඔහු මූලික වටය තත්පර 10.11 හා අවසන් පූර්ව තරඟය 10.12 ලෙස අවසන් කලද, සුළඟේ වේගය ඔහුගේ කාලය නීත්‍යානූකූල කාලයක් බවට පත් කිරීමේ අවස්තාව අහිමි කළේය. නමුත් සුලඟ සමග තරඟ කරමින් ඔහු දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රිඩකයා බවට පත් විය.

Click Here for Event Results 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org