යොවුන් ඔලිම්පික් පදක්කමට අමාත්‍යාංශයෙන් දහසින් බැඳිපියලි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ආර්ජන්ටිනාවේදී පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෝකඩ පදක්කම දිනා ගත් පාරමී වසන්ති මාරිස්ටෙලාට හා පුහුණුකරු ජනිත් ජයසිංහ මහතාට  මුදල් ත්‍යාග ලබාදීම ලබාදීම අද ක්‍රීඩා ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු විය.

මෙහිදී පාරමී වසන්ති ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ක්‍රීඩා අරමුදලෙන් රුපියල් මිලියන 1.5 ක මුදලක් ලබාදුන් අතර පුහුණුකරු හට පුහුණුකරුට ලක්ෂ 375,000 ද මූල්‍ය ත්‍යාගයක් පිරිනැමිණ.

එසේම ලෝක ශුරතාව දිනාගත් කැරම් කණ්ඩායමට හා ආසියානු ශූරයන් වූ නෙට්බෝල් කණ්ඩායමටද මූල්‍ය පරිත්‍යාග හිමිවිය.

මේ අනුව ඇයට 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ඇයට සූදානම් වීමේ අවස්ථාව හිමිවනු ඇත.

මින් ඉහත ජනාධිපතිවරයා විසින්ද ඇයගේ අනාගතය වෙනුවෙන් මිලියන දෙකක ස්ථාවර ගිණුමක් ආරම්භ කළ අතර, නිවාස අමාත්‍යාංශයෙන් කොළඹින් නව නිවසක් ද පාරමී වෙනුවෙන් පිරිනැමිණ.

එසේම ඇයගේ පියාගේ ධීවර කටයුතු සිදුකරගැනීමට ද ධීවර උපාංග හා බෝට්ටුවක් පිරිනැමීමට ධීවර කටයුතු අමාත්‍යංශය කටයුතු කළේය.

හලාවත ධීවර පවුලක උපත ලැබූ පාරමීගේ වැඩිමහල් සොයුරියද ආසියානු යොවුන් පදක්කම් ලාභිණියක් වේ.

දිරිය දියණියක වූ පාරමීගේ ජයග්‍රහණය ඇගයීමට ලක්කළ සියලු දෙනාට CeylonAthletics අපගේ ස්තූතිය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org