සුපිරි සංචිතයක් හා සෑම පළාතටම කෘතිම ධාවන පථයක් – හරීන්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙම වසරේ දී, ක්‍රීඩාවේ සැලසුම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත් විණ.

ඊට සහභාගී වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ කෙටිකාලීන හා දීර්ඝ කාලීන වශයෙන් සැලසුම් සමස් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ ඒ ක්‍රීඩා සඳහා සුදුසුකම් ලත් විශේෂ කණ්ඩායමකගේ සහායද ගෙන ඉදිරි වැඩපිළිවෙල සකස් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් සුපිරි සංචිතයක් සකස් කිරීමට අදහස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම හා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භයට පෙර නේපාලයේ පවතින දේශගුණ තත්ත්වයට අනුගත වීම වෙනුවෙන් මාස දෙකකට පමණ පෙර නේපාලයට සුපිරි කණ්ඩායම යොමුකරන බවත් හෙතෙම පැවසුවේය.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට විවිධ ක්‍රීඩාවලින් හයසීයක පමණ පිරිසක් සහභාගීකරවීමේ සූදානමක් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ඇති එකම කෘතීම ධාවන පථය කිසි සේත් ප්‍රමාණවත් නොවන බවත්, සෑම පළාතකමට කෘතීම ධාවන පථයක් ලබා දීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා හෙළිකළේය.

ඉහත ක්‍රීඩාංගණ සුගතදාස අධිකාරිය හරහා පාලනය කරමින් ඉදිරි වැඩ පිළිවෙල දියත් කිරිම අරමුණයි.

එසේම මේවනවිට පොරොන්දුවක් පමණක් ව ඇති, ඉහළ උන්තාංශ පුහුණුව සඳහා ඉදිකිරීමට බලාපොරොත්තු වූ මධ්‍යස්ථානයේ වැඩකටුයුතු දියත් කිරීමට ප්‍රතිපාදන හිමිවන බව ද මෙහිදී ප්‍රකාශ විය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org