ඩෝපිං මාෆියාව තවත් යොවුන් තරුවක් බිලි ගනී

By www.ceylonathletics.com | | Latest News, Sinhala

තහනම් උත්තේජක ක්‍රීඩාව බිලිගනිමින් සිටින බවට අප දිගින් දිගටම හඬ නැගූ අතර ඊට බිලිවූ දැරියක් ගැන අද වාර්තා විය.

කරුණු සොයා බැලීමේදී මෙම සිද්ධිය හුදකලා සිදුවීමක් නොව සංවිධානාත්මක පිරිසකගේ තවත් එක් දඩයමක් බව පසක් වෙයි.

17 හැවිරිදි ක්‍රීඩිකාවක් මෙලෙස තහනම් උත්තේජක පරික්ෂාවෙන් අසමත්ව ඇති අතර ඇය දකුණු පළාත නියෝජනය කරන කෙටිදුර ධාවනයේ නැගී එන තරුවක් විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේදී සිදු කළ පරීක්ෂාවක දී ඇයගේ මුත්‍රා සාම්පලයේ මෙලෙස තහනම් උත්තේජක සංඝඨක අඩංගු වූ බවට තහවුරුව තිබේ.

දකුණු පළාත නියෝජනය කළ මීටර් 100 සහාය කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක් වූ ඇයට අදාල ද්‍රව්‍ය ලබා දුන්නේ කවුද ?

පාසල් වියේ සි⁣ටින ගම්බද ක්‍රීඩිකාවක මෙලෙස තහනම් උත්තේජක පරීක්ෂාවෙන් අසමත් වීම අවධානයට ලක් කළ යුතුය.

වැඩිදුර තො⁣රතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org