ප්‍රශ්න විසඳන්න අමාත්‍යංශයෙන් කඩිනම් වැඩසටහනක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තීරණය කර ඇත.

මේ අනුව ක්‍රීඩා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම සදහා සෑම බදාදා දිනයකම ක්‍රීඩා අමාත්‍යතුමන් මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම් / සම්මේලන නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ගැටළු කඩිනමින් විසදා දීම සදහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර තිබේ.

මෙම නව ක්‍රමවේදය මගින් විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු එම අවස්ථාවේදීම අදාල අංශ වෙත යොමු කොට එදිනම විසදුම් ලබාදීම මෙහි අරමුණ වේ.

ජනවාරි 16 වෙනි දින සිට විශේෂ ඒකකයක් හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල අනුව ප්‍රශ්ණ විසදීම කඩිනම් කිරීම සදහා අදාල නිළධාරීන්ට යොමු කිරීම එම අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යාතනය, තහනම් උත්තේජක මර්ධන ආයතනය හා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින සියළුම අංශ වල නිළධාරීන් දිනය පුරා මේ වෙනුවෙන් අනුයුක්ත කර ඇත.

– මාධ්‍ය නිවේදනය

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org