Video: ශෙලින්ඩා මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ආර්ජන්ටිනාවේ දෑ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ශෙලින්ඩා ජැන්සන් විශිෂ්ඨ දක්ෂතා අතරට එක්වෙමින් සිය හොඳම දක්ෂතාව තත්පර 0.92 කින්  වර්ධනය කරගැනීමට සමත් වූවාය.

ඇය මීටර් පෙර තත්පර 24.98 ක හොඳම දක්ෂතාවක් මීටර් 200 ඉසව්වෙන් වාර්තා කර තිබූ අතර, අද දැක්වූ දක්ෂතාව තත්පර 24.07 කි.

දෙවැනි වටයේ තරගයේ වීඩියෝව

https://www.facebook.com/CeylonAthletics/videos/574348429650445/

පළමු වටයේ තරගයේ වීඩියෝව

https://www.facebook.com/CeylonAthletics/videos/344198653043120/

 

මීටර් 200 බාලිකා ඉසව්වේ දෙවැනි වටයේ දෙවැනි මූලික ඉසව්වට සහභාගීවෙමින් ඇය ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, එම ඉසව්වේ උපරිම දක්ෂතා දක්වා සිටි ස්පාඤ්ඤයේ හා කැනඩාවේ ක්‍රීඩිකාවන් දෙදෙනා පරාජය කරමිනි.

තරගාවලියේ පළමු අදියරේ පළමු මූලික තරගයට සහභාගීවෙමින් ශෙලින්ඩා ජැන්සන් තත්පර 25.00 ක කාලයක් වාර්තා කරමින් පස්වැනි ස්ථානය හිමිකරගත්තාය.

ඒ අනුව ශෙලින්ඩා සහභාගීවූ ක්‍රීඩිකාවන් 22 අතරින් නවවැන්නා ලෙස තරගාවලිය අවසන් කිරීමට සමත්වූවාය.

දැඩි ශීත කාලගුණයක් යටතේ පැවැති එම තරගයෙන් පසුව ඇය ප්‍රකාශ කළේ, උපරිම දක්ෂතාව දක්වමින් සාර්ථකව තරගාවලිය අවසන් කිරීමට අවශ්‍ය බවයි.

මෙවර ක්‍රීඩා උළෙලේ දී අවසන් තරගයක් හෝ අර්ධ අවසන් තරගයක් ලෙස තරග නොපැවැත්වෙන අතර, සහභාගීවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථා දෙකකදී තරග වැදීමට අවස්ථාව සලසා එම අදියර දෙකේම දක්ෂතා අනුව පදක්කම් පිරිණැමීම සිදු කරයි.

ශෙලින්ඩා අද දැක්වූ දක්ෂතාව අනුව අය මෙරට ක්‍රීඩිකාවන් අතරින් මීටර් 200 ඉසව්වෙන් කණිෂ්ඨ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා සැසඳීමේදී තෙවෙනි වන්නේ සුසන්තිකා ජයසිංහ හා දමයන්තී දර්ශාට පමණි.

17 වියේ පසුවන ශෙලින්ඩාට තවත් වසර දෙකක්, කණිෂ්ඨ වයස් කාණ්ඩයේ තරග වැදීමට අවස්ථාව තිබීමද සුවිශේෂී අවස්ථාවකි.

ආසියානු කලාපයෙන් සිව්වැන්නා ලෙස යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගීවූ ශෙලින්ඩා සමස්ථ තරගය අවසානයේ ආසියානු කලාපයේ වේගවත්ම ක්‍රීඩිකාව වීමට සමත් වූවාය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org