Breaking News: යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම පාරමීගෙන්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී මාරිස්යෙලා සමත් වුවාය.

පාරමී පසුගිය දා පැවති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමිකරගත් අතර, දෙවැනි අදියර ලෙස කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ ඉසව්වට අද සහභාගී විය.

අද පාරමී 17 වැනි ස්ථානය හිමිකරගත්තේ, මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් අතරින් සිව්වැන්නා ලෙසයි.

ඒ අනුව තරග දෙකේදී ම වාර්තා කළ කාලයන්ට ලබා දුන් ලකුණු අනුව පාරමීට ලෝකඩ පදක්කම තහවුරු වී තිබේ.

2007 වසරේ වසරේ දී සුසන්තිකා ජයසිංහ විසින් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ලබා ගත් ලෝකඩ පදක්කමින් පසුව ලෝක මට්ටමේ තරගාවලියක දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලද පළමු පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

ආසියානු කලාපයෙන් මීටර් 2000 බාධක දිවීම ඉසව්වට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් පාරමී වසන්තී පෙරමුණේ පසුවිය.

හලාවත දිළිඳු ධීවර පවුලක උපත ලැබූ පාරමී වසන්තී මාරිස්ටෙලා, තවමත් 16 හැවිරිදි වියේ පසුවන අතර, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබා අධ්‍යාපන කටයුතු සිදුකරයි.

Results :

2000M St.Ch -6:33.06 PB (3rd Overall)
4KM Cross Country – 13:47 min (4th Overall)

Image may contain: 1 person, text

Parami finishes third in Youth Olympic Games -Argentina

 

Parami wins Gold in Asian Junior Championship -Japan

Parami wins Gold in Youth Olympic Qualification trials -Thailand

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org