සෙනිරු ලෝකෙන්ම හතර, ඩිලාන්ට ආසියාවේ පළමු තැන හා ලෝකෙන් 7වැනි තැන

By www.ceylonathletics.com | | Latest News, Sinhala

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලට සහභාගීවන යෞවන යෞවනියන්, ශ්‍රී  ලංකාව ගෞරවාන්විත ස්ථානයකට ගෙන ඒ්මට සමත්ව සිටියි.

උස පැනීමේ දෙවැනි අදියරේ තරග සඳහා අද අළුයම සහභාගීවෙමින් සෙනිරු අමරසිංහ නැවතත් සිව්වැනි ස්ථානයට පත් වූයේ, සිය පුද්ගලික හොඳම දක්ෂතාව නැවත සමකරමිනි.

මීටර් 2.14 ක දක්ෂතාවක් දැක්වූ සෙනිරු, සිව්වැනි ස්ථානයට පත්වූ අතර, චීනයේ චෙං ලෝංග් රන් පදක්කම දිනාගැනීමට සමත්විය.

සෙනිරු මෙම තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ පළමු අදියරේ දී ද මීටර් 2.05 ක දක්ෂතාවක් දක්වමින් සිව්වැනි ස්ථානයට පත් විය.

සෙනිරුගේ තරග ප්‍රථීඵලය සඳහා පිවිසෙන්න
සෙනිරුගේ සමස්ථ ප්‍රථිඵලය සඳහා පිවිසෙන්න

සෙනිරු දැක්වූ අදහස් හා තරගයේ විශේෂ අවස්ථා වීඩියෝව

 

මේ අතර, මීටර් 400 බාලක ඉසව්වේ දෙවැනි අදියරට සහභාගීවූ ඩිලාන් බෝගොඩ සිව්වැනි මූලික තරගයට සහභාගීවෙමින් හත්වැනි ස්ථානයට පත්විය.

පළමු අදියරේ දී ඩිලාන් තත්පර 48.52 ක පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් පළමු ක්‍රීඩකයන් පස්දෙනා අතරට පිවිසීමට සමත්විය.

ඒ අනුව දෙවැනි අදියරේ දී ඔහු සහභාගීවූයේ තරගාවලියෙ වේගවත්ම ක්‍රීඩකයන් 8 දෙනා සහභාගීවන මූලික තරගයේ දී ය.

එහි දී හත්වැනි ස්ථාවය හිමිකරගත් බෝගෝඩ සමස්ථ අදියර දෙක අවසානයේ ප්‍රථිඵලය ද අනුව ලොව හොඳම ක්‍රීඩකයන් අතර 7 වැනි ස්ථානයට පත්විය.

ආසියාව නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් බෝගෝඩ පසුවන්නේ පළමු ස්ථානයේ වීම ද විශේෂත්වයක් වේ.

ඩිලාන්ගේ තරග ප්‍රථීඵලය සඳහා පිවිසෙන්න
ඩිලාන්ගේ පළමු අදියරේ තරග ප්‍රථීඵලය සඳහා පිවිසෙන්න
ඩිලාන්ගේ සමස්ථ ප්‍රථිඵලය සඳහා පිවිසෙන්න

ඩිලාන් දැක්වූ අදහස් හා තරගයේ විශේෂ අවස්ථා වීඩියෝව

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org