ලෝක ශූර ඉන්දියානුවන් අසරණ කළ හේරත්ගේ රන් පදක්කම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට සිව්වැනි රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් අද සමත් විය.

අතක ආබාද සහිත වූවන් වෙනුවෙන් පැවැති F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයේ දී හේරත් දැක්වූ දක්ෂතාව වූ මීටර් 61.84 නව තරගාවලි වාර්තාවක් ද විය.

රියෝ හී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත පසුගිය වසරේ පැවැති ලෝක ශූරතා පැරා ක්‍රීඩා උළෙලේ දී ද රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

අද පැවැති තරගයේ දී රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් ඉන්දියාවේ දේවෙන්ද්‍ර හා 2017 ලෝක ශූරතාවයේ දී රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ ගුර්ජාර් සුන්දර් සිං ද දිනේශ් හමුවේ පරාජය වීම විශේෂත්වයක් වේ.

දිනේෂ් රන් පදක්කම දිනා ගද්දී  රිදී පදක්කම ඉන්දියාවේ ගුර්ජාර් සුන්දර් සිං දිනාගත් අතර ලෝකඩ පදක්කම ඉන්දියාවේ රින්කු විසින් දිනාගැනීමට සමත් විය.

ලෝක වාර්තාවට මෙන්ම ආසියානු වාර්තාවට ද හිමිකම් කියන පැරාලිම්පික් රන් පදක්කම් ලාභියා වූ දේවේන්ද්‍රට අද හිමිවූයේ සිව්වැනි ස්ථානයයි.

 

 Pos
  Name
  Contingent
  Result
  Medal
  Remark
 1 DINESH PRIYANTHA    Sri Lanka  61.84  Gold  GR AS
 2  GURJAR SUNDAR SINGH   IND  61.33  Silver
 3 RINKU   IND  60.92  Bronze  PB SB
 4  DEVENDRA   IND  59.17  SB
 5 YAMAZAKI AKIHIRO   JPN  58.75
 6 GUO CHUNLIANG   CHN  57.11
 7 GAMINI EKANAYAKE   SRI  53.94  PB
 8 BAKBERGEN KOLGANAT   KAZ  46.85  PB
 9 NIAZI ATAL   AFG  31.39
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org