ජාතික පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ලබන පළමුවැනි දා සිට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 6000කට අධික පිරිසක් සහභාගි වන ජාතික පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය පළමුවැනිදා පස්වරු 2.00ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එහි සමාප්ති උළෙල 05 වැනිදා සවස 4.00ට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මෙවර කී‍්‍රඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යෑම සිදුකරනු ලබන්නේ ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ මීටර් 400 රන් පදක්කම්ලාභි අකුරම්බොඩ ජාතික පාසලේ අරුණ දර්ශන කී‍්‍රඩකයා සහ  ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පදක්කම් ලාභී   මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාශා ද සිල්වා කී‍්‍රඩිකාව විසින් සිදුකරනු  ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org