ආරක්ෂක සේවා තරගාවලියේ සුපිරි තරු

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories, Videos

10 වැනි වරට පැවැති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී වැඩි තරගකාරීත්වයක් දක්නට නොවූව ද, බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දක්ෂතා වර්ධනය කරගැනීම වාර්තාවිය. එසේම, සිය ක්‍රීඩා දිවිය සුරක්ෂිත කරමින් කැපකරුවන් සේ රැකවරණය ලබා දුන් සේවා ස්ථානය වෙනුවෙන් උපරිම පදක්කම් සංඛ්‍යාවක් ලබා ගැනීමට දායකත්වය ලබා දුන් පිරිසක්ද විය.

තරගාවලියේ තොරතුරු 
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්
තරගාවලියේ වීඩියෝ
තරගාවලියේ ඡායාරූප
තරගාවලියේ ප්‍රථිඵල

මෙම තරගාවලියේ, රන් පදක්කම් 46 න් 34 ක් යුද හමුදාවට හිමි වූ අතර, ගුවන් හමුදාව රන් පදක්කම් 7 ක් හා නාවික හමුදාව රන් පදක්කම් 5ක් දිනාගත්තේය.

මෙහිදී තම නම ඉදිරියේ රන් පදක්කම් 4 ක් සටහන් කළ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වාර්තා වූ අතර ඉන් ලක්ෂිකා සුගන්ධී රන් පදක්කම් 4ට අමතරව රිදී පදක්කමක් ද දිනාගත්තාය.

සෙසු ක්‍රීඩිකාව වූයේ රන් පදක්කම් 4 ක් යුද හමුදාව වෙනුවෙන් හිමිකරදුන් රුමේෂිකා රත්නායකයි.

සුගන්ධි හා රුමේෂිකා මීටර් 100 සහාය කාන්තා හා මීටර් 100 මිශ්‍ර ඉසව් දෙකම නියෝජනය කරමින් රන් පදක්කම් හිමිකරගැනීමට සිය දායකත්වය ලබා දුන්නාය. ඊට අමතර සුගන්ධී විසින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින්, නව තරගාවලි වාර්තාවක් සමගින් සප්ත ප්‍රයාම ඉසව්වේ රන් පදක්කම මෙන්ම, මීටර් 100 කඩුලු මතින් දිවීමේ රන් පදක්කම තරගාවලි වාර්තාවක් සමගින් දිනා ගත්තාය.

ඇය මෙම තරගාවිලියේ දී, සප්ත ප්‍රයාම තරග සඳහා ඇති ඉසව් 7 ට අමතරුව කේවල (තනි) ඉසව් ලෙස මීටර් 100, මීටර් 100 කඩුලු, මීටර් 100 සහාය කාන්තා හා මීටර් 100 මිශ්‍ර යන ඉසව් 11 ට සහභාගීවීම විශේෂත්වයක් විය.

එසේම එම සියලුම ඉසව්වල ඉහළම දක්ෂතා අතරට පිවිසීමට ද ඇය සමත් වූවාය.

රුමේෂිකා රත්නායක මීටර් 100 සහාය කාන්තා හා මීටර් 100 මිශ්‍ර ඉසව් දෙකට අමතරව මීටර් 100 හා දෙසීය කේවල (තනි) ඉසව් දෙකේ රන් පදක්කම් දෙක දිනා ගැනීමට සමත් වූවාය.


ඔවුන් දෙදෙනාට අමතරව, හිමෂ ඒෂාන් හා අජිත් ප්‍රේමකුමාර රන් පදක්කම් තුන බැගින් දිනා ගැනීමට සමත්විය.

හිමාෂ මීටර් 100, මීටර් 100 සහාය පිරිමි හා මීටර් 100 මිශ්‍ර ඉසව් වලින් රන් පදක්කම් දිනද්දී අජිත් මීටර් 200 , මීටර් 400 හා මීටර් 400 සහාය ඉසව්වලින් රන් පදක්කම් දිනා ගත්තේය.

කෙටි දුර ධාවන ශූරියන් වන නදීෂා රාමනායක හා දුලානී ශ්‍යාමා ද රන් පදක්කම් දෙක බැගින් දිනා ගත්තාය.

නදීෂා මීටර් 400න් හා දුලානී මීටර් 400 කඩුලු ඉසව්වල දී පුද්ගලික් හොඳම කාලයන් හා තරගාවලි වාර්තා සමගින් රන් පදක්කම් දිනා ගනිමින්, මීටර් 400 සහාය ඉසව්වෙන් ද රන් පදක්කම දිනා ගැනීමට සහාය විය.

 

මේ අතර, මැදි දුර හා දිගු දුර ඉසව්වලින් රන් පදක්කම් දෙකක් දිනා ගත් නිලානී රත්නායක වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

පසුගිය දා පැවති ජාතික ශූරතාවලියේ දී මීටර් 1500 ඉසව්ව නව තරගාවලි වාර්තාවක් හා මීටර් 3000 බාධක දිවීමෙන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ ඇය, මෙම තරගාවලියට සහභාගී වූයේ අබාදයක් ද සමගිනි.

ආබාදය සමගින් තරග වදිමින් මීටර් 3000 බාධක දිවීමෙන් හා මීටර් 5000 ඉසව්වලින් රන් පදක්කම් දිනාගත් නිලානී, මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කමින් සෑහීමට පත් විය.

 

පුද්ගලික් හොඳම දක්ෂතා දැක්වීමට අමතරව තමන් සේවා සපයන මෙන්ම තමන්ට අනුග්‍රාහකත්වය ලබා දෙන ආයතනය වෙත හිතෛෂීව ක්‍රීඩා කිරීමේ අරමුණින් මෙහිදී බොහෝ ක්‍රීඩක ක්‍රිඩිකාවන් සහභාගීවේ.

එසේම ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආචාර කළ යුතුවේ. යුද හමුදාවට සපේක්ෂව කුඩම්මාගේ සැලකිලි මැද වුවත්, ඉසව් වැඩි ගණනකට සහභාගීවෙමින් දක්ෂතා අතරට පිවිසීමට උත්සාහ දැරීම පැසසිය යුතුවේ.

New Meet Records : 15
Men – 08
800M S/M100026 CPL Herath HEMIGIM Army 1:48.00
3000M St S/5A02987 Bdr Pushpakumara RMS Army 9:04.52
Pole Vault 028937 CPL Sadaruwan MHI SLAF 5.00
Triple Jump S/157206 Bdr Jayasinghe IDSS Army 16.25
Discus Throw VA 55965 OD KPGU Jayawardane NAVY 54.33
Javelin Throw S/578696 Pte Ranasinghe DS Army 78.11
Decathlon S/M100571 CPL Karunathilake RAK Army 6961
4x400M ARMY 3:39.11
Women – 07
400M S/74526 REC NADEESHA R ARMY 53.03
100M Hurdles S/R100061 L/Cpl Sugandi WVL Army 14.08
400M Hurdles S/75609 Rec Dulani GAS Army 59.83
Pole Vault S/2085509 Rec Perera KLSK Army 3.40
Triple Jump S/86399 Rec Lakshani HDV Army 13.58
Discus Throw WVS 76191 WOD PAIMP Perera Navy 44.36
Heptathlon S/R100061 L/Cpl Sugandi WVL Army 4911

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org