ගුවන හා සමුදුර අසරණ කළ යුද හමුදාවට ආරක්ෂක සේවා තරගාවලියේ වැඩි ගෞරව

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දින තුනක් පුරා පැවති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශුරතාවලිය, ශ්‍රී ලංකා යුද හමුදාවට වැඩි ගෞරව හිමිකරදෙමින් අවසන් විය.

එහිදී පැවති ඉසව් 46 න් රන් පදක්කම් 34 ක හිමිකරුවන් වූයේ යුද හමුදාවයි.

පදක්කම් සටහන

රන් රිදී  ලෝකඩ
ශ්‍රී ලංකා යුද හමුදාව 34 26 19
ශ්‍රී ලංකා ගුවන්  හමුදාව 7 15 19
ශ්‍රී ලංකා නාවික හමුදාව 5 6 6

දුර පැනීම ඉසව්වෙන් මීටර් 8.01 ක දක්ෂතාවක් දැක්වූ යුද හමුදාවේ ප්‍රසාද් විමලසිරි දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 1153 ක් සමගින් සම්මානයට පාත්‍ර වූ අතර මීටර් 400 කාන්තා ඉසව්වෙන් තත්පර 53.03 ක විශිෂ්ඨ දක්ෂතාවක් සමගින් රන් පදක්කම දිනා දුන් නදීෂා රාමනායක ලකුණු 1087 ක් සමගින් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

ප්‍රසාද් විමලසිරි හා නදීෂා රාමනායක ඊට අමතරව පිලිවෙලින් දක්ෂතම පිටිය ඉසව්වල ක්‍රීඩකයා හා දක්ෂතම ජවන ඉසව්වල ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබුවේය.

ප්‍රසාද් ක්‍රීඩා දිවියේ වාර්තා කල සිව්වැනි හොඳම දක්ෂතාව මෙය වන අතර, නදීෂා පුද්ගලිකව දැක්වූ හොඳම දක්ෂතාව මෙයවේ. ඇය මෙතෙක් මීටර් 400 ඉසව්වෙන් දක්ෂතා දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් හොඳම දක්ෂතාවන් අතින් ගත් කළ සිව්වැන්නා බවට පත්වීමට ද සමත් වූවාය. ඇයට වඩා දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් වන්නේ දමයන්ති දර්ෂා, චන්ද්‍රිකා සුභාෂිනී හා මේනකා වික්‍රමසිංහ පමණි.

තුන් පිම්ම ඉසව්වෙන් මීටර 13.58 ක දක්ෂතාවක් දැක්වූ විදූෂා ලක්ෂානී   දක්ෂතම පිටිය ඉසව්වල ක්‍රීඩිකාව වූවාය. විදූෂා මෙතෙක් ඇයගේ ක්‍රීඩා දිවියේ දී වාර්තා කළ තුන්වැනි හොඳම දක්ෂතාව ද මෙය වේ.

මීටර් 800 ඉසව්ව මිනිත්තුවයි තත්පර 48 කින් අවසන් කළ ඉඳුනිල් හේරත් ජවන ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

ඉඳුනිල් හේරත් මෙතෙක් දැක්වූ තුන්වැනි හොදම දක්ෂතාව මෙය වන අතර, මෙරට දී දැක්වූ ඉහළම දක්ෂතාව ද වේ.

මෙවර තරගාවලි වාර්තා 15 ක් වාර්තා කිරීමට ක්‍රීඩක ක්‍රිඩිකාවන් සමත් වූ අතර ලක්ෂිකා සුගන්ධී, සප්ත ප්‍රයාම ඉසව්වෙන් සිය නමට තිබූ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය.

තරගාවලියේ වාර්තා හා තරග තොරතුරු මෙතැනින් 

මේ අතර, කැපී පෙණුනු දක්ෂතා රැසක් ඉස්මතු වද්දී, බලාපොරොත්තු වූ තරඟකාරීත්වය බොහෝ ක්‍රීඩා ඉසව්වල දැක් ගැනීමට නොහැකි වීම ද විශේෂත්වයක් විය.

බොහෝ ජාතික තලයේ ක්‍රීඩකයන් අභියෝගයකින් තොරව තරග කිරීම දැක්ගත හැකි වුවද ඇතැම් ඉසව්වල දී, උපරිම දක්ෂතාද වාර්තා විය.

බෙහෝ දෙනාගේ අවධානය කෙටි දුර ධාවන ඉසව් කෙරෙයි යොමු වුවද විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොහැකි විය. දින තුනක් තුළ තරග ඉසව් කිහිපයක් තුළ ඉසව් වැඩි ගණනකට සහභාගීවීම වෙනුවෙන් ශක්තිය ඉතිරි කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීම ඊට හේතුවිය.

මීටර් 100, 200, 400 හා සහාය දිවීමේ ඉසව්වලට ද ඔවුන් සහභාගී වීම හේතුවෙන සිය කණ්ඩායම දිනවීමේ වැඩි වගකීමකින් ඔවුන් තරග කළේය.

යුද හමුදාවට , ගුවන් හමුදාවෙන් හා නාවිකා හමුදාවෙන් ලැබුණු අභියෝගය සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි විය.
තොරාගත් ඉසව් කිහිපයකදී පමණක් ගුවන් හමුදාව හා නාවික හමුදාව උපරිම දක්ෂතා පෙන්නුම් කළ ද සමස්තයක් වූ තරගාවලියේ දී, එවැනි දක්ෂතා දැකගැනීමට නොහැකි විය.

තරගාවලියේ වාර්තා හා තරග තොරතුරු මෙතැනින් 

තරගාවලියේ ලකුණු සටහන

ශ්‍රී ලංකා යුද හමුදාව 275
ශ්‍රී ලංකා ගුවන්  හමුදාව 105
ශ්‍රී ලංකා නාවික හමුදාව 57

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org