ආරක්ෂක සේවා මලල ක්‍රීඩා : පළමු දිනයේ දී ම වාර්තා දෙකක්.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලිය අද (13) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ කරමින් අවසන් තරග 12 ක් පැවැත්විණ.

එහිදී නව තරගාවලි වාර්තා දෙකක් බිහිවීම විශේෂත්වයක් වුවද, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ඉතා පහළ තත්ත්වයක පැවතින.

කලක් ඉතා ඉදිරියෙන් කරට කර තරගයක් ලබා දුන් නාවික හමුදාවෙන් මෙන්ම ගුවන් හමුදාවෙන් ද වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් ඉදිරිපත් කර නොතිබිණ.

විදුෂාගෙන් නැවත සුපිරි පිම්මක් 

විදූශා ලක්ෂානී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් නව තරගාවලිවාර්තාවක් සමගින් ජය වාර්තා කළේ මීටර් 13.58 ක දක්ෂතාවක් සටහන් කරමිනි.

එම තරගයේ දීම හංසිනී ප්‍රබෝදා මීටර් 13.40 ක දක්ෂතාවක් දක්වමින් පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වීම විශේෂත්වයක් විය.

දෙදෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අතර තුන්වැනි ස්ථානය හිමිකරගත් කේ.ටී. ලක්ෂානී දැක්වූ දක්ෂතාව මීටර් 13.15 කි.

මේ අතර කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.40 ක දක්ෂතාවක් සමගින් නව තරගාවලි වාර්තාවක් හා පුද්ගලික හොඳම දක්ෂතාව සම කිරීමට යුදහමුදාවේ සචිනී පෙරේරා සමත් වූවාය.

සෙසු තරග ඉසව් 10 දීම ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ම ජයග්‍රහණය කරනු දැකගත හැකි විය.

දීරඝ තරග සමයක් පසු කිරීමෙන් පසුව වීම හේතුවෙන්, ඉහළ දක්ෂතා මෙහිදී ප්‍රදර්ශනය නොවූවත්, සිය සේවා ස්ථානය වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස ප්‍රධාන පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලම පාහේ මෙම තරගාවලියට සහභාගීවීම පැසසිය යුතුය‍

දුර පැනීමේ පිරිමි ඉසව්වේ දී සුපුරුදු ලෙස ප්‍රසාද් විමලසිරි (යුද) මීටර් 8.07 ක දක්ෂාවක් දැක්වූ අතර අමිල ජයසිරි (ගුවන්) මීටර් 7.98 ක දක්ෂතාවක් දැක්වූවේය.

මීටර් 200 කාන්තා ඉසව්වෙන් යුද හමුදාවේ රුමේෂිකා රත්නායක ජයගත් අතර පිරිමි ඉසව්වේ ජය හිමවූයේ යුද හමුදාවේම අජිත් ප්‍රේමකුමාරටයි.

ආබාදයක් හේතුවෙන් උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වුවද නිලානී රත්නායක (යුද) මීටර් 1500 කාන්තා අවසන් තරගයේදී ගයන්තිකා අබේරත්නට (නාවික) ප්‍රභල සටනක් ලබා දුන්නාය.

තාක්ෂණික දෝෂයකින් සප්ත ප්‍රයාමය – අට ප්‍රයාමයක් වෙයි.

සප්ත ප්‍රයාම ඉසව් ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දීම තාක්ෂණික නිළධාරීන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් ක්‍රීඩිකාවන්ට නැවතත් එම තරගයට සහභාගීවීමට සිදුවූවාය.

මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී, කඩුලු 10 ක් වෙනුවට කඩුලු 9 ක් පමණක් තබා තරගය පැවැත්වීම ඊට හේතුවිය.

ක්‍රීඩිකාවන්ට නැවතත්, පැයක් පමණ තුල දී ඉහත ඉසව්වට නවත සහභාගීවීමට සිදුවූවාය.

තරගාවලියේ සියලු තොරතුරු හා ප්‍රථිඵල සටහන් නැරඹීට පිවිසෙන්න

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org