මලල ක්‍රීඩකයන්ට අගයක් දෙන්න අපි අපිටම දුන් තෑග්ග

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 172 අතරින් කණ්ඩායමක් ලෙස සාර්ථක අවසානයක් ළඟා කරගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම හා ඔවුන්ගේ අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ උත්සවයක් අද පැවැත්විණ.

https://www.facebook.com/CeylonAthletics/videos/1918865968193188/

මෙවර සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 අතරින්, පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම ආසියාවේ සිව්වැනි තැන දිනාගනිමින් ලොව 15 වැනි හොඳම කණ්ඩායම බවට පත්වීය

එසේම දුර පැනීමෙන් ප්‍රසාද් විමලසිරි හත්වැනි ස්ථානයටත්, මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් නිලානී රත්නායක 6 වැනි ස්ථානයට පත්වීම හා කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්වෙන් 8 වැනි ස්ථානයට පත්වීම විශේෂත්වයන් අතරට එක්විය.

ඔවුන්ව ඇගයීම මෙන්ම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අගයක් ලබා දෙමින් සෙසු ක්‍රීඩකයන්ට උත්තේජනයක් ලබා දීම මෙහි අරමුණ විය.

මෙම ඇගයීම සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් විසින්ම සිදුකළේ, ඔවුන්ගේ හා ක්‍රීඩාවට සැබවින්ම ආදරය කරන්නන් රැසකගේ ද සහයෝගයැතිවයි.

https://www.facebook.com/CeylonAthletics/videos/2110974635582306/

තම සහොදර ක්‍රීඩකයන් මෙලෙස රතු පළස මතින් ගෙන්වා, සමරු සිහිවටනයකින් හා මූල්‍ය පරිත්‍යාගයකින් හරසර දැක්වූයේ උරෙන් උර ගැටුණු සෙසු ක්‍රීඩකයන් මෙන්ම ජ්‍යෙශ්ඨ ක්‍රීඩකයන් වීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ප්‍රසාද් විමලසිරි,  කාලිංග කුමාරගේ, අජිත් ප්‍රේමකුමර, අරුණ දර්ශන, පසිදු කොඩිකාර, දිලිප් රුවන්, ඉඳනිල් හේරත්, රුමේෂී රත්නායක, නිමාලී ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න‍, නිලානී රත්නායක හා හිරුණී විජේරත්න සහභාගී විය.

https://www.facebook.com/CeylonAthletics/videos/2125832561011546/

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org