හලපු හා හැළුණු ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් සිටියානම් ? – අපි මෙම තරගාවලියෙන් උපරිම ප්‍රයෝජන ගත්තා ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මලල ක්‍රීඩාවෙන් පදක්කම් ලබා ගත හැකී යැයි උප කල්පනය කිරීම හේතුවෙන්, රටක් ලෙස ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා නොගත්තා දැයි පැවැත්වෙන තරග නැරඹීමේ දී සැක සිතේ.

ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකු සහභාගී කරවීමේ අවස්ථාව හිමි වූ අතර, ඊට 24 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබිණ.

ඉන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉවත්වීමේ පසුබිමක් තිබූයේ සහාය දිවීමේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් 6 දෙනෙකු බැගින් නම් කර තිබීම හේතුවෙනි.

එසේම සඳහන් කළ යුතු වන්නේ, ජූනි තිස්වැනි දා දක්වා කණ්ඩායම නිල වශයෙන් නම් කිරීමට කාලය තිබිය දී, මැයි මස දෙවැනි සතිය වන විට තේරීම් තරගාවලි දෙකම පවත්වා අවසන් කර කණ්ඩායම නම් කිරීමට කටයුතු කිරීමයි.

මලල ක්‍රීඩාවෙන් ඉදිරියෙන් පසුවන ඉන්දියාවත්, සිය අවසන් තේරීම් තරගාවලිය ලෙස ජාතික ශූරතාවලිය පැවැත්වූයේ ජූනි මස 30 වැනිදායින් අවසන් වන පරිදිය.

කෙසේ හෝ වේවා එලෙස නම් කළ කණ්ඩායමෙන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඉවතට යන්නේ, බලාපොරොත්තුවූ දක්ෂතා දැක්වීමට අපොහොසක් වීම හා සිදුවූ තාක්ෂණික වැරදි හේතුවෙනි.

මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ සිදුවූ වැරදි නොවේ. සිදුවූ වැරදි පෙන්වා දීමෙන් පලක් නොවන්නේ බීරි අලීන්ට වීණා වාදනය කිරීමෙන් පලක් නොවන නියාවෙනි.

මින් උත්සාහ දරණුයේ, සැලසුමක් සහිතව උත්සාහයක යෙදුනි නම් අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්දැකීම් පොදියක් ලබා ගැනීමට තිබුණු අවස්ථාවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමටයි.

රටක් ලෙස හා බලධාරීන් දැන්වත් තේරුම් ගත යුත්තේ, ලෝකයේ කෙසේ වෙතත් ආසියානු කරයේ ක්‍රීඩාවත් අප පසුකර ගව් ගණනක් ඉදිරියට ගොස් ඇති බවයි.

එවන් අවස්ථාවක, බොරදියේ මාලු බාන්නා සේ පදක්කම් සිහින මවමින් නිශ්ඵල උත්සාහයන්වල යෙදීමෙන් ඵලක් නොවේ.

පදක්කම් අපේක්ෂාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට පෙර ප්‍රතිවාදීන්ගේ දක්ෂතා ගැට වැටහීමක් ලබා ගැනීමට ක්‍රමානුකූලවූ විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීම සිදුකළ යුතුය. ක්‍රීඩකයෙකුගේ අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ දී පවා වැරදි සුදුවීමෙන්ම අප සතුව එවන් සම්පත් අවම බව හැඟෙයි. ආසියානු ක්‍රීඩා උළෙලට පළමු වරට මිශ්‍ර සහාය ඉසව්ව ඇතුළත් කරන බව දීර්ඝ නාම ලේඛණය යොමු කරන විටත් නිසි වැටහීමක් නොමැතිව පසුවූ බව වාර්තා වේ.

අපට පදක්කම් ජයගැනීමට අවස්ථා අවම බව තේරුම්ගෙන සිටියානම් අප කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීමේ වැඩි අවස්ථා සලසා දිය හැකිව තිබිණ.

ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග තරග වැදීමේ අවස්ථා නොමැත. එවැනි ප්‍රධාන පෙළේ තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමේ අාර්ථික ශක්තියක් නොමැති වීම හේතුවෙන්ම ජාත්‍යන්තර තරග අවස්ථා ලෙස ලැබෙන්නේ, අප ක්‍රීඩකයන්ටත් වඩා පහළ දක්ෂතා සහිත පිරිස් සහභාගීවන විවෘත තරගාවලි පමණි.

පහත වගුවේ දැක්වෙන ආකාරයට මෙවර සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වුවද උපරිම තරග අවස්ථාව සැලසීමට කටයුතු කර තිබුණේ නම් (තිබුණේනම් ලෙස සටහන් කරනු ලබන්නේ මෙම තීන්දු තීරණ බොහෝ කළකට පෙර ගැනීමට තිබූ නිසාවෙනි) මෙම කණ්ඩායමට වුවද තවත් ඉසව් කිහිපයකට ඉදිරිපත් වීමට අවස්ථාව තිබිණ.

උදාහරණයක් ලෙස – රුමේෂිකාට මීටර් 100, නිලානී රත්නායකට මීටර් 1500, කාලිංගට හෝ දිලිප් රුවන්ට මීටර් 200 ලෙස අමතර ඉසව්වක් කිරීමට හැකියාව තිබිණ.

මේ ඒ පිළිබඳව සිදුකළ සම්පින්ඩයක්.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org