ප්‍රසාද්ට ගිලිහුණු පදක්කම් සටන – දුර පැනීමේ රන් රිදී පදක්කම් චීනෙට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා ගිය කණ්ඩායමේ, පදක්කම් බලාපොරොත්තුවක් වූ දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රසාද්ට හිමිවූයේ 7 වැනි ස්ථානයයි.

චීනයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු රන් හා රිදී පදක්කම් දිනාගනිද්දී, ලෝකඩ පදක්කම සත්කාරක ඉන්දුනීසියාවට හිමිවිය. තරගය ආරම්භ වී පළමු පිම්මෙන්ම තරගයේ රන් හා රිදී පදක්කම් තීරණය වීම ප්‍රසාද් විමලසිරිට විශාල අභියෝගයක් වූවාට සැක නැත.

තරගයේ පළමු වටයේ දීම චීනයේ යානන් වාන් මීටර් 8.24 ක දක්ෂතාවක් දැක්වූ අතර චීනයේ ම වයි. සෑන් මීටර් 8.15 ක  දක්ෂතාවක් දැක්වීය. ප්‍රසාද් විමලසිරිද පළමු පිම්මෙන්ම මීටර් 7.86 ක දක්ෂතාවක් දක්වමින් පළමු ක්‍රීඩකයන් තිදෙනා අතරට පිවිසිය ද සෙසු පිමි පහෙන් සාර්ථක වූයේ පිමි දෙකක් පමණි.

රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා මින් පෙර මීටර් 8.47 ක් දක්ෂතාවක් දක්වා තිබූ ක්‍රීඩකයෙක් වන අතර, රිදී පදක්කම දිනාගත් ක්‍රීඩකයා මීටර් 8.27 ක හොඳම දක්ෂතාවක් දක්වා තිබූ ක්‍රීඩකයෙකි.

1 213 China WANG J 8.24 GR +0.7 +
2 226 China ZHANG Y 8.15 SB 0.0 +
3 393 Indonesia SAPWATURRAHMAN S 8.09 PB 0.0 +
4 463 Japan HASHIOKA Y 8.05 0.0 +
5 476 Japan SHIROYAMA S 7.98 PB +0.4 +
6 338 India SREESHANKAR 7.95 0.0 +
7 740 Sri Lanka WIMALASI D 7.86 0.0 +
8 563 Republic of Korea KIM D 7.65 +0.2 +
9 559 Republic of Korea JOO E 7.63 0.0 +
10 251 Chinese Taipei LIN T 7.61 0.0 +
11 250 Chinese Taipei LIN H 7.53 0.0 +
12 904 Hong Kong, China KO H 7.47 0.0 +

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org