video – කාලිංග 8 වැනි ස්ථානයෙන් සෑහෙද්දී කටාර් හි හසාන්ට රන් පදක්කම

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කටාර් හී අබ්දුල්ලාහ් හසාන් සමත් වූයේ තත්පර 44.89 ක දක්ෂතාවක් දක්වමිනි.

ඉන්දියාවේ මුහමඩ් යහියා තත්පර 45.69 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගනිද්දී, බහරේන් හී අලි කමීස් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද තත්පර 45.70 ක දක්ෂතාවක් දක්වමිනි.

අවසන් තරගයේ දී ක්‍රීඩකයන් පස් දෙනෙකු තත්පර 46 සීමාවට අඩු කාලයකින් තරගය අවසන් කළ අතර එය ශ්‍රී ල ංකාවේ කාලිංග කුමාරගේට අපහසු කාර්යයක් වූයේ, පළමු මංතීරුවේ තරග කිරිමෙන් හා මෙවැනි ජාත්‍යන්තර අත්දැකීම් ඇති පිරිසකට එරෙහිව මින් පෙර තරග කිරීමට වරම් නොලබා තිබීම නිසා විය යුතුය.

කටාර්, ඉන්දීය හා බහරේන් ක්‍රීඩකයන් යුරෝපයේ තරගාවලි සඳහා නිරතුරුව සහභාගී වන්නන් වන අතර, සිය පුහුණුවීම් ද සිදුකරන්නේ ජාත්‍යන්තර පුහුණුකරුවන් හා ජාත්‍යන්තර තත්ත්වයේ පවතින පහසුකම් යටතේය.

මෙරට ක්‍රීඩාව ජාත්‍යන්තර තලය හා යාවත්කාලීන කිරිමට නම්, බොහෝ කාර්යයන් යටිතලය සංවර්ධනය කිරිමට ඉටු කිරිමේ අවශ්‍යතාව මෙම තරගාවලිය මගින් පෙන්වා දිය හැක.

 

 

1 706 Qatar – HASSAN A 44.89
2 342 India – YAHIYA M 45.69
3 132 Bahrain – KHAMIS A 45.70
4 321 India – AROKIARAJIV 45.84
5 484 Japan WALSH J 45.89
6 514 Kazakhstan LITVIN M 46.17
7 120 Bahrain ABBAS A 46.41
8 733 Sri Lanka HEWA KUMARAGE K 46.49

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org