ලක්මව සැනසූ දරු දැරියන් යළි දිවයිනට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අලුයම 1.00 ට දිවයිනට පැමිණීමට නියමිතවේ.

මෙවර තරගාවලියට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සහභාගී වූ අතර ක්‍රීඩ ක්‍රීඩිකාවන් සමස්ථයක් ලෙස තම උපරිම දක්ෂතා අතර පසුවන බව දැක ගත හැකි විය.

ජාත්‍යන්තර තරග අත්දැකීම් හා ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කිරීමේ පහසුකම් හෝ නොමැතිව අප කණ්ඩායම දැක්වූ දක්ෂතා බොහෝ දෙනාගේ අවධානයට හා පැසසුමට ලක්විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පාරමී මාරිස්ටෙලා සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට සමත්වූ අතර අමාශා ද සිල්වා මීටර් 100 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවාය.

අරුණ දර්ශන මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, පිරිමි මීටර් 400 කණ්ඩායම අවසන් කණ්ඩායම් අට අතරට පිවිසීමට සමත්විය.

සමස්ථයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් දිනා ගැනීමට අවස්ථාව නොවූව ද, තරගාවලියේ ස්වභාවය හා ලෝක මට්ටම සසඳා බලන කල ඒ සම්බන්ධයෙන් කණගාටුවිය නොහැක.

ආසියානු කලාපයේ මලල ක්‍රීඩාව ඉතා දියුණු තලයක පවතින කණ්ඩායම් ද පදක්කම් දිනා ගනු ලැබුවේ ඉතා අල්ප වශයෙනි.

Country Gold Silver Bronze Total
JAPAN 2 2 2 6
PR OF CHINA 1 1 0 2
INDIA 1 0 0 1
INDONESIA 1 0 0 1
BAHRAIN 0 0 1 1
QATAR 0 1 0 1
Total 12

තරග ඉසව් 44 ක් වෙනුවෙන් පැවැති තරගාවලියේ දී රන් පදක්කම් 45 ක්, රිදී පදක්කම් 43 ක් හා ලෝකඩ පදක්කම් 45 ක් ලෙස සමස්ථ පදක්කම් 133 ක් ප්‍රධානය කර තිබේ.

( ඉන් පිරිමි උස පැනීමේ ඉසව්වේ දී රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් දෙකක් පිරිණැමුනේ පළමු ස්ථාන හිමිකරගත් සිව්දෙනාම එකම උස ප්‍රමාණයක් (2.23) දක්වා තිබීම හේතුවෙනි. )

ඉන් ආසියානු රටවල් විසින් දිනා ගෙන ඇත්තේ පදක්කම් 12 ක් පමණි.

ආසියාවේ දැවැන්තයන් ලෙස සැලකෙන චීනය පදක්කම් දෙකක් දිනාගනිද්දී වැඩි ගෞරව හිමිකරගැනීමට සමත්ව ඇත්තේ, ජපානය පමණි. ඒ සමස්ථ පදක්කම් 6 ක් සමගිනි.

මේ අතර, කණ්ඩායම් අතර ගත් කළ ඊට සහභාගීවූ රටවල් 158 අතරින් ශ්‍රී ලංකාව 61 වැනි ස්ථානයට ගෙන ඒමට පිරිමි සහාය දිවීමේ කණ්ඩායම සමත්වූයේ 4×400 අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හෝ සමත්වීම හේතුවෙනි.

පදක්කම් දිනා ගත් කණ්ඩායම් 6 ට අමතරව ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථාන ලබා ගෙන ඇත්තේ, ඉරානය හා චීන තායිපේ කණ්ඩායම පමණි.

ලෝක මට්ටමට සාපේක්ෂව ආසියානුවන්ගේ දක්ෂතා එවන් ස්ථානයක ඇති පසුබිමක, පුහුණුවීම් කිරීමට හෝ කෘතීම ධාවන පථයක් නොවූ අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් පැසසිය යුතුවේ.

වසර තුනකට පසුව හිමිවූ එකම කෘතීම ධාවන පථය වන සුගතදාස ක්‍රීඩා පථයද , ෆින්ලන්තයේ ලෝක ශූරතා කණිෂ්ඨ ශූරතාවලියේ පුහුණුවීම් සඳහා ලබා ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් විසින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අගය කරමින් පළ කර තිබූ සටහන් කිහිපයක් පහත දක්වා ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org