ශ්‍රී ලංකාවෙන් හතරක් මලල ක්‍රීඩාවෙන් යොවුන් ඔලිම්පික් යන ආසියානු කණ්ඩායමට

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත් විය.

වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා මලල ක්‍රිඩා තේරීම් තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් නුවරයි.

දින දෙකක් පුරා පැවැති තරගාවලියට සහභාගී වූ 7 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමෙන් සිව් දෙනෙකුම යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තම ස්ථානය තහවුරු කරගැනීමට විශේෂත්වයක් වේ.

තරගාවලියේ දෙවැනි දිනය වූ අද පෙරවරුවේ ගේට්වේ ජාත්‍යන්තර විද්‍යාලයේ ශෙලින්ඩා ජෙන්සන් මීටර් 200 මූලික ඉසව්වට සහභාගීවෙමින් සිය ක්‍රීඩා දිවියේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ, තරගාවලියේ හොඳම කාලය වාර්තා කරමිනි.

තත්පර 24.99 ක කාලයක් වාර්තා කල ඇය අවසන් තරගයේ දී උපරිම දක්ෂතාව දැක්වීමට අපොහොසත් වුව ද සිව්වැන්නා ලෙස තරගය අවසන් කරමින් ඔලිම්පික් වරම් හිමිකරගත්තාය.

මීටර් 200 බාලක අංශයෙන් සහභාගීවූ, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ නුවන්ත සේනානායකට උපරිම දක්ෂතාවට ළඟා වීමේ අවස්ථාව නොලැබිණ.

මේ අතර, අද තරග සහභාගීවූ කොළඹ රාජකීය විද්‍යාලයේ සෙනිරු අමරසිංහ යොවුන් වාර්තා අතරට එක්වූයේ උස පැනීමෙන් මිටර 2.14 ක දක්ෂතාවක් දක්වමිනි.

පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස මීටර් 2.05 ක දක්ෂතාවක් දක්වා සිටි ඔහු රිදී පදක්කම ද දිනා ගනිමින් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ වරම් ලැබීය.

ඔහු දැක්වූ දක්ෂතාව මේවනවිට, ලොව වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩකයෙකු දැක්වූ තුන්වැනි හොඳම දක්ෂතාව ලෙස වාර්තා වේ.

තේරීම් තරගාවලියේ පළමු දිනයේ දී කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බෝගොඩ රන් පදක්මක් දිනා ගනිමින් හා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී මාරිස්ටෙලා රන් පදක්කම දිනා ගනිමින් යොවුන් ඔලිම්පික් සිහින සැබෑ කරගැනිමට සමත්විය.

අදාල වාර්තාව කියවන්න‍

තායිලන්තයේ පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් දෙකක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

වමේ සිට – ඩිලාන් බොගොඩ, පාරමී වසන්තී, සෙනිරු අමරසිංහ, ශෙලින්ඩා ජෙන්සන්

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org