ශෙලින්ඩා 200 අවසන් තරඟයට, නුවන්ත අර්ධ අවසන් තරගයට

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අාසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරා ගන්නා තරගාවලිය තායිලන්තයේ දී පැවැත්වේ.

අද එහි මීටර් 200 බාලිකා මූලික තරඟ සඳහා සහභාගී වූ ගේට්වේ විද්‍යාලයේ ශෙලින්ඩා ජෙන්සන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ සමස්ත මූලික වටයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසයි.

https://www.facebook.com/CeylonAthletics/videos/555605291501589/

ඇය වාර්තා කල කාලය තත්පර 24.99 වන අතර ඇයට ඔලිම්පික් වරම් දිනා ගැනීමේ වැඩි අවස්තාවක් තිබේ.

මීටර් 200 බාලිකා ඉසව්වට ආසියාවෙන් සිව් දෙනෙකු සුදුසුකම් ලබනු ඇත.


මේ අතර කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ නුවන්ත සේනානායක මීටර් 200 අවසන් පූරුව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මූලික වටයේ දී ඔහුට දැක්වීමට හැකි වූයේ තත්පර 22.33 ක දක්ෂතාවක් පමණි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org