ඩිලාන් හා පාරමී  යොවුන් ඔලිම්පික් වරම් දිනා ගනී. පාරමී ලොව අංක එකේ ස්ථානයට

By www.ceylonathletics.com | | Latest News, Results, Schools News, Sinhala, Videos

යොවුන් ඔලිම්පික් උළෙලට ආසියාවේ සුදුස්සන් තේරීමේ තරගාවලිය අද තායිලන්තයේ දී ආරම්භ විය.

අද දිනය ආරම්භ කරමින් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බෝගොඩ සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ මීටර් 400 බාලක ඉසව්වට සහභාගීවෙමින් මූලික තරගයේ දී ම වේගවත් කාලයක් වාර්තා කරමිනි.

තත්පර 48.66 ක දක්ෂතාවක් දක්වමින්, අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් ඩිලාන් අවසන් තරගය තත්පර 48.58 ක කාලයක් වැයකරමින් පහසුවෙන් ජයගත්තේ සෙසු ක්‍රීඩකයන්ගෙන් කිසිඳු අභියෝගයක් නොමැතිවයි.

ඒ අනුව ආසියාවේ වේගවත්ම යොවුන් ක්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ දී මෙම වසරේ දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලට ඔහු සුදුසුකම් ලබා ගත්තේය.

තරගයෙන් පසුව ඔහු අප වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

මේ අතර, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී, මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්තී මාරිස්ටෙලාද අද මීටර් 2000 බාධක දිවීමේ බාලිකා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තාය.

ඇය සිය පුද්ගලික හොඳම කාලය වූ මිනිත්තු 6:59.63 ක කාලය තත්පර 24 කින් අලුත් කරමින් තරගය රන් පදක්කම දිනා ගැනීම විශේෂත්වයක් විය.

අද පාරමී වාර්තා කළ කාලය වන තත්පර 6:35.20 ක කාලය වාර්තා වන්නේ මෙම වසරේදී අද දින වනවිට ලොව යොවුන් ක්‍රීඩාවක් වාර්තා කළ ඉහළම දක්ෂතාව ලෙසයි.

මීට ඉහත 6:35.80 ප්‍රංශ ක්‍රීඩිකාක් (Claire PALOU) ඉහළම දක්ෂතාව දක්වා තිබුණ ද අද පාරමී තත්පර දශම හයකින් එය අලුත් කලාය.

ඊට අමතරව පාරමීගේ විද්‍යාලයේ ම අශ්මිකා හේරත් එහිදී ලෝකඩ පදක්කම දිනා ගනිමින් තුන්වැනි ස්ථානයට පත්වූවාය.

අද මීටර් 1500 බාලිකා ඉසව්වට සහභාගී වූ වලල ඒ රත්නායක විද්‍යාලයේ චාමිනී හේරත් ට බලාපොරොත්තුවූ දක්ෂතා අතරට පිවිසීමට නොහැකි විය.

මිනිත්තු 4.41.92 ක දක්ෂතාවක් දැක්වූ ඇය තරගයේ හිමිකරගත්තේ 5 වැනි ස්ථානයයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org