සංදර්ශන නවතා කප්පාදු කල මලල ක්‍රීඩාවේ පෝෂණ දීමානව හෝ දෙන්නේ කවදාද ?
|- ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ගේ දීමනා අප්‍රේල් සිට කප්පාදු කෙරේ.
- ආසියානු ශූරතා පදක්කම් ලාභීන්ටගේ ප්‍රතිපාදන යලට මාහට.
- එක් එක් ක්‍රීඩකයාට එක් එක් සැලකිලි.
- දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා පදක්කම් ලාභීන් ඇගයීමක් නෑ.
- ආසියානු කණිෂ්ඨ පදක්කම් ලාභීන්ට හා පුහුණුකරුවන්ට ඇගයීමක් නෑ.
පදක්කම් ලබා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගීකරවීමේ වැදගත් කම පෙන්වා දෙන අදාළ බලධාරීන්, පදක්කම් බලාපොරොත්තුවන්නේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යය ද සමච්චලයට ලක් කරමින් දැයි සැක සිතේ.
ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කරගනිමින් ලබා දුන් පෝෂණ දීමනාවෙන් ඉහළ ඵල නෙලාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් හා රිදී පදක්කම් 4ක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වූයේ නිසි ප්‍රමිතියෙන් තොර ධාවන පථයක් හෝ නොමැති පසුබිමකය.
එසේම ඉහත කී ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට ද දිරි දීමනාවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය කටුයුතු කළේය.
තිස් දහසක් වූ එම දීමනාව හැට දහස දක්වා වැඩි කිරීමට එකඟ වූ ක්‍රීඩා අමාත්‍යංශය අප්‍රේල් මස තෙක් දෙමසකට වරක් වත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට ලබා දීමට කටයුතු කළේය.
නමුත් මේවන විට, එම දීමානවද යලට මාහට ලබා දෙන බව වාර්තා වන්නේ, පදක්කමේ වටිනාකම කාලානුරූපීව වියැකී ගොස් ඇති නිසා දැයි සිතේ.
එසේම කණිෂ්ඨ සංචිතයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට මෙන්ම ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද දීමනාවක් ලබා දීමට කටයුතු කළේය.
ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දීමනා කප්පාදුවට ක්‍රීඩා අමාත්‍යංශය මගින් ලබා දුන් පිළිතුර වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සති දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ පුහුණුවට යැවීම හේතුවෙන් අදාළ දීමනාව කප්පාදු කළ බවයි.
මෙරට පුහුණු වීම් සිදුකිරීමට ධාවන පථයක් නිමවා දීමට වසර 3 කට අධික කාලයක් කල්මැරු අමාත්‍යංශ බලධාරීන්ම ඉහත සඳහන් කළ ආකාරයේ හාස්‍යජනක පිළිතුරු සැපයීම කෙතරම් සාධාරණදැයි සැක සිතේ.
ඉහත කී, දකුණු ආසියානු පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අ කිසිදු ඇගයීමක් සිදු නොකළ ක්‍රීඩා අමාත්‍යංශය ආසියානු පදක්කම් ලාභීන්ට ද සිදුකළේ පොරොන්දු ගොන්නක් ලබා දීම වීම විශේෂත්වයක් විය.
පදක්කම් දිනා පැමිණි දරුදැරියන් පිළිගැනීමට විශාල වෙහෙසක් දැරූ එම නිළ දරුවන්, එම දරු දැරියන් වෙනුවෙන් කිසිදු ඇගයීමක් සිදු නොකිරීමට හෝ දීමනාවක් ලබා දීමට කටයුතු නොකිරීම ද ක්ෂේත්රයේ ජ්‍යේෂ්ඨයන්ගේ විවේචනයට ලක්ව තිබේ.
කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට නංවා තැබීමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති පසුබිමක යම් ඇගයීමක් සිදුකර හෝ ඔවුනට උත්තේජනයක් ලබා දීම සිදු කළ යුතුව තිබිණ.
2006 වසරේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මේවනතෙක් පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් ව සිටීයි. ආසියානු කලාපයේ මලල ක්‍රීඩාව තාක්ෂණයත් සමග මුහුවෙමින් විශාල ගමනක් ගොස් ඇති වටපිටාවක මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට ඇති සීමිත සම්පත්වලින් උපරිම දක්ෂතා දැක්වීමට වෙර දැරීමම පැසසිය යුතුවේ.
මෙරටට ඇති එකම ධාවන පථය මූල්‍යමය වාසි හේතුවෙන් බදුදුන් බළධාරීන්, දීමනා ද කප්පාදු කරමින් ලෝකය හා සම ස්ථායක් ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ලබා දෙන උත්තේජනය මෙයයි.
කල් ඉකුත්වූ ප්‍රතිපත්ති හා යල්පැන ගිය ක්රමෝපායන් මෙන්ම, විශ්‍රාමිකයන්ගේ තීන්දු තීරණ මත යැපෙන මෙරට ක්‍රීඩාව ලෝක මට්ටම හා යාවත්කාලීන වන්නේ කව දා ද ?