සංදර්ශන නවතා කප්පාදු කල මලල ක්‍රීඩාවේ පෝෂණ දීමානව හෝ දෙන්නේ කවදාද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෑත කලායේ දී කණිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවල් ලබා ගත් ජයග්‍රහණ උලුප්පා දක්වමින් , මලල ක්‍රීඩාවෙන් පදක්කම් බලාපොරොත්තුවන බලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කලක පටන් ලබා දුන් පෝෂණ දීමනාවද කප්පාදු කර ඇති බව වාර්තාවේ.

  • ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ගේ දීමනා අප්‍රේල් සිට කප්පාදු කෙරේ. 
  • ආසියානු ශූරතා පදක්කම් ලාභීන්ටගේ ප්‍රතිපාදන යලට මාහට.
  • එක් එක් ක්‍රීඩකයාට එක් එක් සැලකිලි.
  • දකුණු ආසියානු කණිෂ්ඨ  මලල ක්‍රීඩා පදක්කම් ලාභීන් ඇගයීමක් නෑ.
  • ආසියානු කණිෂ්ඨ  පදක්කම් ලාභීන්ට හා පුහුණුකරුවන්ට ඇගයීමක් නෑ.

පදක්කම් ලබා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගීකරවීමේ වැදගත් කම පෙන්වා දෙන අදාළ බලධාරීන්, පදක්කම් බලාපොරොත්තුවන්නේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යය ද සමච්චලයට ලක් කරමින් දැයි සැක සිතේ.

2006 සිිට පැහැදිලි පසුබෑමක් පෙන්වූ මලල ක්‍රීඩාවට 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලද පදක්කම් ගොන්නෙන් පසුව යම් උත්තේජනයක් ඇතිවිය. එතැන් නොනැවතුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා වාර්තා කිහිපයක් ද අභිබවා යමින් සීමිත සම්පත් උපයෝගී කරගනිමින් ආසියාව ආක්‍රමණය කිරීමට කෘත ගුණ සැලකීමක් මෙන්ම, ආර්ථික අපහසුතා හා යටිතල පහසුකම් වල හිඟතාව සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අරමුදලින් ඉහත කී ප්‍රතිපාදන සැලසින.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කරගනිමින් ලබා දුන් පෝෂණ දීමනාවෙන් ඉහළ ඵල නෙලාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් හා රිදී පදක්කම් 4ක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වූයේ නිසි ප්‍රමිතියෙන් තොර ධාවන පථයක් හෝ නොමැති පසුබිමකය.

එසේම ඉහත කී ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට ද දිරි දීමනාවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය කටුයුතු කළේය.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා පදක්කමකට ලබා දිය යුතු වටිනාකම හෝ වටහා නොගත් එවක නිළධාරීන් එම වරද නිවැරදි කරමින් පදක්කම් ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දුන් පෝෂණ දීමනාව ආසියානු ක්‍රීඩා උළෙල තෙක් දෙගුණයක් කර ලබා දීමට තීරණය කළේය.

තිස් දහසක් වූ එම දීමනාව හැට දහස දක්වා වැඩි කිරීමට එකඟ වූ ක්‍රීඩා අමාත්‍යංශය අප්‍රේල් මස තෙක් දෙමසකට වරක් වත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට ලබා දීමට කටයුතු කළේය.

නමුත් මේවන විට, එම දීමානවද යලට මාහට ලබා දෙන බව වාර්තා වන්නේ, පදක්කමේ වටිනාකම කාලානුරූපීව වියැකී ගොස් ඇති නිසා දැයි සිතේ.

එසේම කණිෂ්ඨ සංචිතයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට මෙන්ම ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද  දීමනාවක් ලබා දීමට කටයුතු කළේය.

ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දීමනා කප්පාදුවට ක්‍රීඩා අමාත්‍යංශය මගින් ලබා දුන් පිළිතුර වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සති දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ පුහුණුවට යැවීම හේතුවෙන් අදාළ දීමනාව කප්පාදු කළ බවයි.

මෙරට පුහුණු වීම් සිදුකිරීමට ධාවන පථයක් නිමවා දීමට වසර 3 කට අධික කාලයක් කල්මැරු අමාත්‍යංශ බලධාරීන්ම ඉහත සඳහන් කළ ආකාරයේ හාස්‍යජනක පිළිතුරු සැපයීම කෙතරම් සාධාරණදැයි සැක සිතේ.

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියේ දී රන් පදක්කම් 12 ක් ඇතුළුව පදක්කම් 41 ක් ලබා ගත් දරු දැරියන් අතර සිටි කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මාර්තු මස සිට දීමනාව කප්පාදු කර තිබිණ. එම දීමනාව ඔවුන්ට හිමි වූයේ ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් දිනාගැනීමෙන් පසුව,  පසුගිය සති අන්තයේ දීය.

ඉහත කී, දකුණු ආසියානු පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අ කිසිදු ඇගයීමක් සිදු නොකළ ක්‍රීඩා අමාත්‍යංශය ආසියානු පදක්කම් ලාභීන්ට ද සිදුකළේ පොරොන්දු ගොන්නක් ලබා දීම වීම විශේෂත්වයක් විය.

පදක්කම් දිනා පැමිණි දරුදැරියන් පිළිගැනීමට විශාල වෙහෙසක් දැරූ එම නිළ දරුවන්, එම දරු දැරියන් වෙනුවෙන් කිසිදු ඇගයීමක් සිදු නොකිරීමට හෝ දීමනාවක් ලබා දීමට කටයුතු නොකිරීම ද ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨයන්ගේ විවේචනයට ලක්ව තිබේ.

කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට නංවා තැබීමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති පසුබිමක යම් ඇගයීමක් සිදුකර හෝ ඔවුනට උත්තේජනයක් ලබා දීම සිදු කළ යුතුව තිබිණ.

ක්‍රීඩාවට ලැදි පිරිස් පුද්ගලිකව සිදුකළ ආධාර උපකාර හැරුණු කොට අධ්‍යාපන අමාත්‍යංශයෙන් මූල්‍යමය ත්‍යාගයන් ලබා දී තිබේ. එසේම ජනාධිපතිවරයා ද එක් ක්‍රීඩිකාවකට මූල්‍ය ත්‍යාගයක් පිරිණමා ඇති මුත්, මාධ්‍ය සංදර්ශන පමණකට මුල්තැන දෙන නිසි බළධාරීන් මේවනතෙක් මුනිවත රකිමින් සිටී.

2006 වසරේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මේවනතෙක් පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් ව සිටීයි. ආසියානු කලාපයේ මලල ක්‍රීඩාව තාක්ෂණයත් සමග මුහුවෙමින් විශාල ගමනක් ගොස් ඇති වටපිටාවක මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට ඇති සීමිත සම්පත්වලින් උපරිම දක්ෂතා දැක්වීමට වෙර දැරීමම පැසසිය යුතුවේ.

මෙරටට ඇති එකම ධාවන පථය මූල්‍යමය වාසි හේතුවෙන් බදුදුන් බළධාරීන්, දීමනා ද කප්පාදු කරමින් ලෝකය හා සම ස්ථායක් ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ලබා දෙන උත්තේජනය මෙයයි.

කල් ඉකුත්වූ ප්‍රතිපත්ති හා යල්පැන ගිය ක්‍රමෝපායන් මෙන්ම, විශ්‍රාමිකයන්ගේ තීන්දු තීරණ මත යැපෙන මෙරට ක්‍රීඩාව ලෝක මට්ටම හා යාවත්කාලීන වන්නේ කව දා ද ?

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org