දියගම ක්‍රීඩාංගණ⁣ය විසි කිරීමේ ඉසව්වලටත් විවෘත වෙයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ විසි කිරීමේ ඉසව් සිදු කිරීමට ක්‍රීඩාංගණය තුළ ඉඩ ලබා දී තිබේ. ඒ අනුව විසිකිරීමේ ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් උද්‍යෝගයෙන් එම අවස්ථාව සමරා තිබේ.

බොහෝ කලක් තිස්සේ, තම ඉසව්ද ක්‍රීඩාංගණය තුළ පවත්වමින් ඒවාට ද අගයක් ලබා දෙන මෙන් කළ ඉල්ලීම් ක්‍රියාත්මක නොවූ අතර, අඩු පහසුකම් හා අඩු පිළිගැනීමක් යටතේ විසිකිරීමේ ඉසව් සිදු කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවිය.

මේ අවන විට මින් ඉහත විසිකිරීමේ ඉසව් සිදුකළ ප්‍රදේශයේ පුහුණු ධාවන පථයක් ඉදිකිරීම හේතුවෙන්, ඉහත තීරණයට එළඹී ඇති බව අනුමාන කළ හැක. කෙසේ වෙතත්, ප්‍රධාන ක්‍රීඩාංගණය තුළ පුහුණුවීම් සිදුකිරීමෙන් ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වල සාධනීය වෙනසක් දැක ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ්‍

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org