සුගතදාසෙ නැවත සති දෙකකට වසයි – පුහුණුවන්නත් ඉඩක් නෑ.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

සුගතදාස ක්‍රීඩාංගණය නැවත සති දෙකක කාලයකට වසා දැමීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.  ඒ ක්‍රීඩාවට සම්බන්ධ නොවන වෙනත් ආගමික කටයුත්තක් ( යොහොවාගෙ සාක්ශිකරුවෝ) සඳහා ක්‍රීඩාංගණය ලබා දීමට සුගතදාසපාලනාධිකාරිය කටුයුත කිරීම හේතුවෙනි.

වෙනත් ඕනෑම රටක ක්‍රීඩාව වෙනුවෙන් ඉදිවූ ක්‍රීඩාංගණ මෙලෙස වාණිජමය කටයුතු සඳහා ලබා දීමේදී පුහුණුවීම් කටුයුතු සිදුකිරීම සඳහා යම්කාලවේලාවක් හෝ ලබා දීම සිදුකළ ද ඉහත සඳහන් කල කාල සමයේදී පුහුණු කටයුතු සඳහා දලබා නොදෙන බව වාර්තා වේ.

සුගතදාස ක්‍රීඩාංගණයේ පාලනාධිකාරිය පවසන්නේ, ක්‍රීඩාංගණයේ සිදුකරන නඩත්තු කටයුත්තක් සඳහා මෙලෙස ක්‍රීඩාංගණය වසා දමන බවයි.

කෙසේ නමුත් දැනගැනීමට ඇති පරිදි , සුගතාදාස ධාවන පතයේ කිසිම නඩත්තු කටයුත්තක් මෙම කාල වකවනුවේ සිදු  කිරීමට අවශ්යතාවයක් හෝ සැලසුමක් නොවන අතර , ධාවන පතය හැරුනු කොට අනිකුත් පහසුකම්(ප්‍රෙක්ශකාගාර,වැසිකිලි පහසුකම්) අලුත්වැඩියාව සදහා මේ වන තුරුත් ටෙන්ඩර් වත් කැදවා නොමැත.

වසර ගණනාවක් නිසි ධාවන පථයක් නොමැති වීම හේතුවෙන්, මෙරට මලල ක්‍රීඩාව විශාල පසුබෑමකට ලක්ව තිබූ බව නොරහසකි.  මහජන මුදල් වැයකරමින්, පසුගිය මෙම වසර මුල දී සුගතදාස ධාවන පථය හා ක්‍රීඩාංගණය පිලිසකර කිරීමඇරඹුණේ ද, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වූ පුමුඛතාවක් ලෙසය.

නමුත්, මූල්‍ය ප්‍රථිලාභ අරඹයා මෙලෙස ක්‍රීඩාවට කිසිදු අදාලතාවක් නොමැති වැඩසටහන් සඳහා ක්‍රීඩාංගණය වසා දැමීමෙන් ක්‍රීඩාවට හෝ ක්‍රීඩාංගණය නැවත පිළිසකර කිරීමෙන් බලාපොරොත්තුවූ පරමාර්ථ ඉෂ්ඨ වන්නේ නැත.

නව ධාවන පථය ලැබීමත් සමග මෙරට මලල ක්‍රීඩාවේ නව පිබිදීමක් ඇති කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ ප්‍රථිඵල වාර්තා කිරීමට පසුගිය කෙටි කාලයේ දී සමත්විය.මෙරට තරග පැවැත්වීමට හා පුහුණුවීම් සිදුකිරීමට ඇති එකම කෘතීම ධාවන පථය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වසා දැමීමෙන් ඔවුනගේ පුහුණු කටයුතු අඩාල වන බව නොරහසකි.

ජූලි 4 හා 5 තායිලන්තයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය, එම වකවානුවේම ෆින්ලන්තයේ පැවැත්වෙන කණිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය හා අගෝස්තු මස පැවැත්වෙනආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකවන්ට මෙමගින් විශාල බලපෑමක් එල්ලවේ.

ජාතික මට්ටමේ තරගාවලි සඳහා පමණක් ක්‍රීඩාංගණය ලබා දී, තවත් වසර කිහිපයකට හෝ ක්‍රීඩාංගණයේ තත්ත්වය ආරක්ෂා කරගැනීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා තීරණ තීන්දු ගැනීම සිදුකළ යුතුවේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org