ආසියානු පදක්කම් බලාපොරොත්තුවක් අවාසනාවන්ත ලෙස අහිමිවන ලකුණු

By www.ceylonathletics.com | | English, Latest News, Top Stories

අගෝස්තු මස පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් ලබා ගනු ඇතැයි බලාපොරොත්තු වූ විනෝජ් සුරංජය සිල්වාට එම අවස්ථාව අහිමිවීමේ අවධානමක් මතුව තිබේ.

අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයට ගොදුරුව ප්‍රථිකාර ලබන විනෝජ්ට ඒ අනුව ඉදිරි තරග සඳහා මෙන්ම පුහුණුකටයුතු සඳහාද සහභාගීවීම අවිනිශ්චිත වනු ඇත.

විනෝජ් මේ වන විටත් ඔහුගේ ගම් ප්‍රදේශය වන බලපිටියේ, රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් අප සමගින් ප්‍රකාශ කළේ  රෝගී තත්ත්වය සුවවීමෙන් අනතුරුවත්  මාස 3ක පමණ කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි.

පසුගිය දා මීටර් 200 ඉසව්වෙන් තත්පර 20.68 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව තමන් සතුකරගත් විනෝජ් පුද්ගලික හොඳම කාලය මීටර් 100 ඉසව්වෙන් (10.27) වාර්තා කරමින්, තවදුරටත් කාලය අඩු කරගැනීම සඳහා පුහුණුකටයුතු සිදුකරමින් පසුවිය.

යමුහෙයකින් ඔහුට ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව අහිමි වුවහොත් මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට ද ඉහත තරගාවලිය සඳහා ඇතුළත් වීමේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීමේ අවධානමක් පවතී.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org