හිරුණි වසර 15 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඇමරිකාවේ වෙසෙමින් පුහුණුකටයුතු සිදුකරණ හිරුණි විජේරත්න මීටර් 10000 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අද තමා සතුකරගැනීමට සමත්වූවාය.

ඇමරිකාවේ දී පැවැති තරගාවලියකට එක්වෙමින් ඇය අද දැක්වූ දක්ෂතාව මිනිත්තු 33:55:06 ක් වේ. එය මීට වසර 15 කට පෙර සුජීවා නිල්මිණී ජයසේන විසින් මිනිත්තු 33:57:96 ක් ලෙස තබා තිබූ වාර්තාවය.

කාන්තා මැරතන් හා    අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන්නේ හිරුණි විජේරත්න වන අතර මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට මීටර් 10000 ඉසව්වෙන් සහභාගීවීමේ සූදානමින් හිරුණී පසුවෙයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org