කුලියාපිටිය අවුරුදු 17 මාරිස්ටෙලාගෙන් මව්බිමට රන් පදක්කමක් (Video)

By www.ceylonathletics.com | | AJAC, Latest News, Sinhala, Videos

කුලියාපිටිට මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්තී මාරිස්ටෙලා, අද ඓතිහාසික ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.

වයස අවුරුදු 20 න් පහළ බාලක බාලිකාවන් වෙනුවෙන් පැවැත්වෙන, කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ  දී, ඇය මීටර් 3000 බාධක දිවීමේ බාලිකා ඉසව්වට සහභාගීවෙමින් අද දැක්වූ දක්ෂතාව මිනින්තු 10:21.54 කි එය පුද්ගලිකව ඇය වාර්තා කර ඇති හොඳම දක්ෂතාව ද වේ.

මෙය ඇය එම ඉසව්වෙන් මීට පෙර වාර්තා කර තිබූ හොඳම කාලය 10:37.33 තත්පර 15 කින් පමණ අලුත් කිරීමක් ලෙසද සැලකිය හැකිය.

Rank Ord. No. Name Team Result Remark
1 5 350 PARAMI WASANTHI, Maristela SRI 10:21.54 PB
2 1 30 TIAN, Wanhua CHN 10:28.24
3 3 203 NOSUE, Yuka JPN 10:38.30
4 4 261 CHOI, Soo Ah KOR 11:05.26
5 2 233 SAUNINA, Svetlana KAZ 11:14.22 PB

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org