අරුණ වසර 19 ක වාර්තාව බිඳිමින් රනින් ලක්මව සරසද්දී, පසිඳුට රිදී පදක්කම (Video)

By www.ceylonathletics.com | | AJAC, Latest News, Sinhala

ආසියානු කණිෂ්ඨ වාර්තාවක් සමගින් මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අකුරම්බඩ වීරකැප්පැටිපොල වි අරුණ දර්ශන සමත් විය.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ තරගාවලි 17 ක් අවසන ශ්‍රී ලංකාව ලබා සිටියේ රන් පදක්කම් 4 ක් ඇතුළුව පදක්කම් 20 ක් පමණක් වන අතර, අරුණ අද ලබා ගත් රන් පදක්කම පස්වැනි රන් පදක්කම ලෙස වාර්තාවේ.

දර්ශනට අභියෝගයක් එල්ල කරමින් සහෝදර ක්‍රීඩක පසිඳු කොඩිකාර මෙන්ම ජපාන ක්‍රීඩකයෙකුද කරට කර තරගයක් එල්ල කළ ද, අරුණ ඉතා පහසුවෙන් තරගය ජයගැනීමට සමත්වීම විශේෂත්වයක් වේ.

විශිෂ්ඨ තරගයක නිරත වූ අරුණ 1999 වසරේදී කටාර් ක්‍රීඩක සලාහ් එල් බකාර් (Salah El Din Bakar) විසින් පිහිටුවාලූ කණිෂ්ඨ ආසියානු වාර්තාව බිඳ හෙලීමට සමත්විය.

අරුණ මෑත කාලයේ එම ඉසව්වෙන් ඕනෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම දක්ෂතාව ලෙස තත්පර 45.79 කාලයක් වාර්තා කිරීම විශේෂත්වයක් විය.

පසිඳු කොඩිකාර තත්පර 46.96 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කමට හිමිකම් කීවේය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org