රන් පදක්කම් හතරක් දිනාගත් කවුද මේ අමාෂා ද සිල්වා ? 

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී වැඩි අවධානයක් දිනා ගනිමින් රන් පදක්කම් හතරක් දිනා දීමට අමාෂා ද සිල්වා සමත් වූවාය.

කෙටි කලක් තුළ කෙටි දුර ධාවනයෙන් වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ඇය වත්මන් පාසල් ක්‍රීඩිකාවන් අතර වේගවත්ම ක්‍රීඩිකාවය.

මේ ඇය සමගින් සිදුකළ සම්මුඛ සාකච්චාවක්..

ක්‍රීඩාව ආරම්භ වුණේ ? 

මගේ පාසල ස්වාර්ණමාලී බාලිකා විද්‍යාලය මහනුවර, කුඩා කාලයේ ඉඳන් මලල ක්‍රීඩාවට ආසයි. නිවාසාන්තර තරගවලදීත් මලල ක්‍රීඩා කළා. එහෙම එහෙම තමයි ආවෙ. මුලින්ම ඉස්කෝලේ ඇත්ලටික් තිබ්බෙ නෑ. හත වසරෙදි තමයි ඇත්ලටික් පටන් ගත්තෙ පුහුණුවෙන්න. එතකොට සනත් සර්. එහෙව අවුරුද්දක් ට්‍රේනිං කළා. අටවසරෙ ඉඳන් මේ දක්වා වීරක්කොඩි සර් ගාව ට්‍රේනිං කරනව.

ඇයි මලල ක්‍රීඩාවම තෝරගත්තෙ ?

අම්ම ඇත්ලටික් කරල තිබුණ. ඒ නිසා ආසවක් තිබුණ ඒක කරන්න.

පවුලෙ විස්තර ?

පවුලෙ අම්මයි තාත්තයි අයියයි අක්කයි ඉන්නෙ එයාලගෙන් ලොකු සහයෝගයක් තියෙනවා. අක්කත් හොකී ක්‍රීඩිකාවක්.

පාසලෙන් ලැබෙන පිටුවහල කොහොමද ?

අපිව හොයාගත්තෙ චන්ද්‍රිකා මැඩම්, එහෙම තමයි අපි ආරම්භ වුණේ. ඉස්කොලෙ මැඩම් ඇතුළු හැමෝම ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ඉසව් තෝරගත්තෙ කොහොම ද ?

මුලින්ම කළේ හර්ඩ්ල්ස්,  ගිය අවුරුද්දෙ කණිෂ්ඨ තරගාවලියේ දි 200 එකෙන් තුන්වැනිය වුණා. 400 කඩුලු මතින් දිවීමෙන් දෙවැනිය වුණා. ඊට පස්සෙ 400 දුවන්න යද්දි වැරදි ආරම්භයක් ගත්ත නිසා තරගයෙන් අයින් වෙන්න වුණා. එතකොට මීටර් 100 පවත්වල තිබුණෙ නැ. ඒක නිසා 100 තරගෙ කළා. ඒකෙන් නොසිතපු විදියට පළවෙනිය වුණා. එදා ඉඳන් තමයි මීටර් 100ට අවධානය යොමු වුණේ. එදා ඉඳල දක්ෂතා වර්ධනය කරගත්ත මේ තත්ත්වයට එන්න. මීටර් 100 ට යොමුවෙලා අවුරුද්දක් විතර වෙනවා.

අධ්‍යාපන කටුයුතු හා පුහුණු කටයුතු සමබරව සිදුකරගන්නෙ කොහොමද ?

මම කලා අංශයෙන් මේ අවුරුද්දෙ උසස් පෙළ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. හැමදාම මම 6 වෙද්දි පුහුණුවීම් වලට යනව. 7.30 7.45 විතර වෙද්දි පාසලට යනවා. හැමදාම උදේ ප්‍රැක්ටිස් කරනව.

දකුණු ආසියානු කණිෂ්ඨ තරගාවලියේ දි ලැබුණු අත්දැකීම ගැන පැහැදිලි කරන්න. ?

මම මීට කලින් ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙලා තිබුණෙ නෑ. මට දැනගන්න ලැබුණ විදියට මීටර් 100 දි ඉන්දියානු ක්‍රීඩිකාවක් විතරයි මට අභියෝගයකට සිටියෙ. ඒත් බයක් දැනුන මීට කලින් තරග කරල නැති නිසා. ලංකාවෙදි තිබුණ නිසා වාසියක් වුණා. අත්දැකීමක් නැති නිසා. ස්ටාර්ට් එකේ ඉඳල හොඳට දිව්ව. එතරම් අභියෝගයක් තිබුණෙ නෑ.

මීටර් 200 ඉසව්වෙදි පදක්කම් තුනම දිනාගත්තෙ අපේ ක්‍රීඩිකාවන් ?

200 එකේ පළවෙනියා වුණේ මම, දෙවැනිය වුණේ ශර්මිලා තුන්වැනිය වුණේ ශෙලින්ඩ ගොඩක් සතුටුයි අපිට මෙඩල් තුනම ගන්න පුළුවන් වෙච්ච එක ගැන. මට ෆස්ට් වෙන්න ශර්මිලාගෙන් ලොකු අභියෝගයක් ලැබුණ.

පුහුණුවීම් ආරම්භයේ දී තිබුණු අභියෝග මොනවද ?

ඔලෙවල් කරද්දි පාන්දර 5.15 ට විතර බස් එකේ අම්ම එක්ක ට්‍රේනිංග් එනව, අයිය එහෙම එතකොට බනිනව විභාගෙ ගැන එහෙම කියල ෆේල් වේවි කියල. දිගටම ප්‍රැක්ටිස් කළා. ගුරුවරුත් කිව්ව දෙකම කරගන්න කියල. ඒව ඔක්කොම හිතල මේ දක්වා ආව.

ලාබාල ක්‍රීඩිකාවන්ට මොකද්ද කියන්න තියෙන්නෙ ?

හැමෝම කියනව ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් කියල එහෙම නෑ. දෙකම සමාන්තරව කරගන්න පුලුවන් ඒකට කැපවෙන්න. ක්‍රීඩාව කරද්දි දරාගැනීමේ ශක්තිය වගේම පිළිවෙලකට වැඩකරන්න හැකියාව ලැබෙනවා.

ඉදිරි බලාපොරොත්තු මොනව ද ?

ඒ ලෙවල් කරල කැම්පස් යන්න ලොකු බලාපොරොත්තුවක් තියනව. කැම්පස් ගිහිල්ල ක්‍රීඩාවත් එක්ක ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2020 ඔලිම්පික්  උළෙලට සහභාගීවන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා. ඒවෙනුවෙන් ලොකු කැපවීමකින් පුහුණුකටයුතු සිදුකරනවා.

මූලාශ්‍රය – දෙරණ ටීවී

[embedyt] https://www.youtube.com/embed?listType=playlist&list=PLUuPjxKNztcSycWvpvBiyZaiJiaxl7xVr&layout=gallery[/embedyt]

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org