ආසියාවෙන් යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවෙන් 8 ක්

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

මෙම වසරේ ඔක්තෝබර් මස ආර්ජන්ටිනාවේ දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ආසියාවෙන් සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලියක් ජූලි මස දී පැවැත්වේ.

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු හා ක්‍රීඩකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ.

වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ උපරිම දක්ෂතා දක්වන්නන්, ඉහත සඳහන් කළ යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බෝගොඩ (හොඳම දක්ෂතාව 48.55) මීටර් 400 බාලක ඉසව්වෙන් නියෝජනය කිරීමට නියමිතය. ඔහු මෙම වසරේ යොවුන් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව පලමු ස්ථානයේ පසුවෙයි.

RANK MARK COMPETITOR NAT POS VENUE DATE
1 48.55 D.M. BOGODA SRISRI 1h6 Colombo (SRI) 25 APR 2018
2 48.64 Wan Muhammad FAZRI MASMAS 1 Kuala Lumpur (MAS) 11 MAY 2018
3 48.80 Muh.Aftar ROSLI MASMAS 2 Kuala Lumpur (MAS) 11 MAY 2018

කොළඹ රාජකීය විද්‍යාලයේ සෙනිරු අමරසිංහ උස පැනීමෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මීටර් 2.03 ක දක්ෂතාවක් දක්වා ඇති සෙනිරු මේවනවිට ආසියාවෙන් පසුවන්නේ සිව්වැනි ස්ථානයේය.

RANK MARK COMPETITOR DOB NAT VENUE DATE
1 2.10 Hyun-uk KIM 2001 KORKOR Gwangju (KOR) 16 APR 2018
2 2.07 Amer Haiqal ISMAIL MASMAS Sham Alam (MAS) 26 APR 2018
3 2.03 S.T. AMARASINGHE SRISRI Colombo (SRI) 28 APR 2018
4 2.02 Kampton KAM 2001 SGPSGP Singapore (SGP) 27 MAR 2018
5 2.01 Shenawaj KHAN 2001 INDIND New Delhi (IND) 02 FEB 2018

මෙම වසර පුරාම ආබාද තත්වයක් හේතුවෙන්, තරග සඳහා සහභාගී නොවූ සන්තූෂ් වීරසිංහ ද ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වීමේ පදනම මත මීටර් 200 ඉසව්වෙන් තෝරාගෙන තිබේ.

සන්තූෂ් පසුගිය වසරේ තත්පර 21.71 ක උපරිම දක්ෂතාවක් දක්වා ඇති අතර, මෙම වසරේ දී ඔහුගේ දක්ෂතාවන් හී වර්ධනයක් බලාපොරොත්තු වන බව ඔහුගේ පුහුණුකරු වන අමිල ප්‍රසන්න මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් සන්තූෂ් වීරසිංහ විවේක ගන්වා සිටි බවත්, ඉදිරි තරගාවලියේ දී උපරිම දක්ෂතාව අපේක්ෂකරන බවය.

මෙම වසරේ මේවනතෙක් ක්‍රීඩකයන් මීටර් 200 ඉසව්වෙන් දැක්වූ දක්ෂතා සංසන්ධනය කිරීමේදී සන්තූෂ්ගේ පසුගිය වසරේ දැක්වූ හොඳම කාලය දැක්වෙන්නේ දෙවැනි හොඳම දක්ෂතාව ලෙසයි.

මේ අතර, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දෙනෙත් සේනානායක ද මීටර් 200 ඉසව්ව සඳහා ඉදිරිපත් කර ඇතත්, ඔහුගේ හොඳම කාළය වන තත්පර 22.09 ක කාලය දැක්වෙන්නේ මෙම වසරේ දක්ෂයන් අතර 15 වැනි ස්ථානයේය.


ක්‍රීඩිකාවන් අතරින් බාධක දිවීමේ මීටර් 2000 ඉසව්ව සඳහා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තෝරා ගෙන තිබීම විශේෂත්වයක් වේ.

අස්මිකා හේරත් හා වසන්තී මාරිස්ටෙලා මෙලෙස, තෝරාගෙන තිබුණ ද ආසියාව නියෝජනය කිරීමට ද එම ඉසව්වෙන් සුදුසුකම් ලබනුයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණි.

පවතින වාර්තා අනුව මේවනතෙක්, කිසිදු ආසියානු කණිෂ්ඨ ක්‍රීඩිකාවකගේ දක්ෂතා  වාර්තා නොවීම මත මෙලෙස ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තොරාගෙන තිබේදැයි සැක සහිතවේ.


කෙටි දුර ධාවන ඉසව්වල නැගී එන ක්‍රීඩිකාක් වන ගේට්වේ විද්‍යාලයේ ශෙලින්ඩා ජැන්සන්ට මීටර් 200 බාලිකා ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමේ අවස්ථාව හිමිව ඇත.

මේවනවිට ඇය සිය හොඳම දක්ෂතාව වන තත්පර 24.98 ක දක්ෂතාව අනුව, මෙම වසරේ ආසියානුවන් අතර සිව්වැනි ස්ථානයේ පසුවීම විශේෂත්වයක් වේ.

හොඳම දක්ෂතාවන් දහය අතර ඇයගේ වන මෙවරක් සඳහන් වීම අනුව මෙවර ආසියාවෙන් මීටර් 200 ඉසව්වට ඔලිම්පික් වරම් දිනා ගැනීමට ශෙලින්ඩාට වැඩි අවස්ථාවක් හිමිව තිබේ.

RANK MARK WIND COMPETITOR DOB NAT VENUE DATE
1 24.78 +0.6 Chanveer KAUR 2001 INDIND New Delhi (IND) 01 FEB 2018
2 24.90 -0.1 Ancy SOJAN 01 MAR 2001 INDIND New Delhi (IND) 31 JAN 2018
3 24.96 +0.4 Yifan JIANG 17 FEB 2001 CHNCHN Zhaoqing (CHN) 11 APR 2018
4 24.98 NWI Shelinda JANSEN 2001 SRISRI Colombo (SRI) 24 APR 2018
5 25.01 +0.4 Meiru WANG 28 APR 2001 CHNCHN Zhaoqing (CHN) 11 APR 2018
6 25.11 -0.2 Ziyi LIU 2002 CHNCHN Zhaoqing (CHN) 11 APR 2018

බාලිකාවන් අතර, අනෙක් ස්ථානය හිමිව ඇත්තේ, වලල ඒ රත්නායක විද්‍යාලයේ සමුදිකා හේරත්ටය.

ඇය ආසියානු බාලිකාවන් අතර 5 වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩිකාවයි.

RANK MARK COMPETITOR DOB NAT VENUE DATE
1 4:29.66 Ting CENG 09 MAR 2001 CHNCHN Zhaoqing (CHN) 11 APR 2018
2 4:30.06 Miyaka SUGATA 09 MAR 2001 JPNJPN Kumamoto (JPN) 07 APR 2018
3 4:36.61 Tai HIRAMAN 31 DEC 2002 INDIND Coimbatore (IND) 21 APR 2018
4 4:36.74 Samudika HERATH 2001 SRISRI Colombo (SRI) 05 MAY 2018
5 4:36.80 Yuki KANEMITSU 2001 JPNJPN Kobe (JPN) 22 APR 2018
6 4:38.72 Radha CHAUDHARY 02 FEB 2001 INDIND Coimbatore (IND) 21 APR 2018

කෙසේ වෙතත්, මීටර් 400 බාලිකා ඉසව්වෙන් සිය උපරිම දක්ෂතාවට ළඟා වූ කෑගල්ල බාලිකා විද්‍යාලයේ සඳුමිනි බණ්ඩාර ක්‍රීඩිකාවට මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැත.

තත්පර 56.63 ක් හා තත්පර 56.51 එකක් ලෙස දක්ෂකා වර්ධනය කරගෙන තිබුණ ද ඇයට මෙම අවස්ථාව අහිමිවීමට සිදුව ඇත්තේ, මීටර් 400 ඉසව්වෙන් ආසියානු බාලිකාවන්ට ලැබී ඇති කෝටාව දෙකකට සීමා වීම නිසාවෙන් විය යුතුය.

ANK MARK COMPETITOR DOB NAT VENUE DATE
1 56.23 Meiru WANG 28 APR 2001 CHNCHN Zhaoqing (CHN) 10 APR 2018
2 56.26 Rawiwan PRATIKE 10 APR 2001 THATHA Bangkok (THA) 04 APR 2018
3 56.31 Thi Kim Ngoc NGUYEN 2001 VIEVIE Bangkok (THA) 04 APR 2018
4 56.39 B. SUMITHRA 23 AUG 2001 INDIND New Delhi (IND) 03 FEB 2018
5 56.51 Sandumini Bandara 27 JAN 2001 SRISRI Colombo (SRI) 28 APR 2018
6 56.54 You-Hsuan WANG 23 MAY 2001 TPETPE Kaoshiung (TPE) 09 FEB 2018

ආසියාවෙන් ඒ ඒ ඉසව් සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව පහත පරිදි වේ.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org