වව්නියාවෙන් පැමිණ පදක්කමක් වෙත සටන් කළ කින්තුසාන් 

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

 

දකුණු ආසියානු කණිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 බාලක ඉසව්වෙන් කාගේත් අවධානය දිනා ගනිමින් සටන්කාමී තරගයක් ලබා දෙමින් පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙකු වෙත කාගේත් අවධානය යොමුවිය.

පළමු හා දෙවැනි ස්ථාන ඉන්දියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු ලබා ඇති අවස්ථාවේ අවසන් තත්පරය දක්වා තරගය අත් නොහරිමින් තරග කළ මේ ක්‍රීඩකයා ලෝකඩ පදක්කම දිනාගත්තේය.

නේපාල ක්‍රීඩකයෙකු වූ නරේෂ් බුධා  තුන්වැනි ස්ථානය තහවුරු කරගනිමින් තරග කරමින් සිටි අවස්ථාවේ අවසන් වටයේ දී ප්‍රතිවාදියාවෙතින් සිදුවූ සියුම් වරදක් උපයෝගී කරගනිමින් කින්තුසාන් අමරණීය සිහිවටනයක් තමා සතු කරගැනීම විශේෂත්වයක් විය.

රන් පදක්කමක් දිනා ගැනීමේ දී පමණක් බොහෝවිට ඇසෙන ඔල්වරසම් හඬ ගින්තුසාන්ගේ මේ නොපසුබට උත්සාහයේ ප්‍රථිඵලය වෙත යොමු වූයේ නිතැතිනි.

වව්නියාවේ දුශ්කර දිවියක් ගෙවන එස් කින්තුසාන්, වව්නියාව දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි.

මාර්ග ධාවන හා මැරතන් තරගවලින් ක්‍රීඩාව අරම්භ කළ ඔහු ධාවන පථයේ ඉසව් සඳහා යොමුව ඇත්තේ, මින් මාස 6 කට පමණ පෙරදීය.

වෘත්තියෙන් පෙදරේරුවෙකු වන පියාගේ රැකවරණයේ, වෙසෙන  කින්තුසන් ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ක්‍රීඩකයෙකු වූ නවනිදන් මහතාය.

දුර දිවීමේ ක්‍රීඩකයන් අල්ප කාලයක, මෙවන් යොවුන් ක්‍රීඩකයන්ගේ සටන්කාමී බව පැසසිය යුතුය.

තරගයේ විශේෂ අවස්ථා

තරගයේ ප්‍රථිඵලය

1 135 IND Ajay Kumar Bind 15:08.40
2 134 IND Gurpreet 15:32.53
3 165 SRI S. Kinthusan 16:18.43
4 196 NEP Naresh Budha 16:18.51
5 166 SRI S.G.V.S.S. Densil 17:39.46

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org