Video: විනෝජ්, කාලිංග, අසංක හා හා රුමේෂිකා මලයාසියාවේදී රනින් හා රිදියෙන් ලක්මව සරසයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.

පෙරේදා ආරම්භ වී අද අවසන් වූ තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතා අතරට පැමිණෙමින්, ඉහත දක්ෂතා දැක්වීමට සමත්වීම විශේෂත්වයක් වේ.

මෙහිදී විනෝජ් සුරංජය ද සිල්වා පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගීවෙමින් රන් පදක්කම දිනාගත්තේ පුද්ගලික දක්ෂතාව ලෙස තත්පර 10.27 ක කාලයක් වැයකරමිනි.

ඔහු එහිදී මලයාසියාවේ අංක එකේ කෙටිදුර ධාවකයා ලෙස සැලකෙන කයිරුල් හෆීස් ජන්ටන් (KHAIRUL HAFIZ JANTAN) පරාජය කිරීම එරට ප්‍රධාන පුවත්පත් වල ශීර්ෂපාඨය විය.

 

රුමේෂිකා රත්නායක මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට සමත්වූවාය. සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත්වීම හේතුවෙන්, අයට හඹාගොස් තරගය අවසන් කිරිමට සිදුවීම හේතුවෙන්, ඉහළ දක්ෂතාවක් දැක්වීමේ අවස්ථාව අහිමිවිය.

පසුගිය දා ඔස්ට්‍රේලියාවේ දී මීටර් 100 ඉසව්වෙන් තත්පර 11.51 ක දක්ෂතාවක් දක්වා තිබූ ඇය, ආරම්භය අසාර්ථක වුවද මෙම තරගයේ දී තත්පර 11.76 ක දක්ෂතාවක් දැක්වීමට සමත්වුවාය.

 

මීටර් 400 ඉසව්වට සහභාගීවූ කාලිංග කුමාරගේ වෙත මෙරට මලල ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුවූයේ මීටර් 400 ඉසව්වේ පුද්ගලික හොඳම කාලය වන තත්පර 46.08 ක කාලය සතියකට පෙර ජාතික තේරිම් තරගාවලියේ දි වාර්ථා කිරීම හේතුවෙනි.

ඔහු අවසන් තරගයේ දී තත්පර 46.60 ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

 

අසංක ඉන්ද්‍රජිත් අද ශ්‍රි ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනා ගත්තේ, මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගය තත්පර 52.00 ක කලායකින් පහසුවෙන් ජයගනිමිනි.

 

වර්ෂාව සහිත කාළගුණයක් පැවතීම ක්‍රීඩකයන්ට අවාසිදායක තත්ත්වයක් උදාකල බව වාර්තා විය.

තරග කාල සටහන විටින් විට වෙනස් කිරිම හා අඩු ක්‍රීඩක සහභාගීත්වය හේතුවෙන් බොහෝ වේලාවක් ඇඟ උණුසුම් කරගැනීමෙන් පසුව වුවද තරගයට සහභාගීවීමට සිටිය යුතු වූ බව පැවසින.

කණ්ඩායමේ ප්‍රධානියා ලෙස භද්‍රා ගුණවර්ධන මහත්මිය කටයුතු කළ අතර විමුක්ති සොයිසා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනට පැමිණීමට නියමිත වේ.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org