ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව උඩුයටිකුරු වෙයි – ජනතා උද්‍යෝගය ඉහළ යයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ක්‍රිකට් ක්‍රීඩාව හා එහි තේරීම් කමිටු ක්‍රියා මාර්ග හා ක්‍රීඩක කප්පාදුව සම්බන්ධයෙන් පමණක් කතිකාවක් පැවති ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට වර්තමානය වන විට මලල ක්‍රීඩාව ද මාතෘකාවක් ව තිබේ.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ව නියෝජනය කළ දරු දැරියන් දැක්වූ ඉහළ දක්ෂතාවන් ඊට වස්තු බීජ විය.

ඉහත සඳහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 අතරින්, 90% ක්‍රීඩක ක්‍රීඩිකාවන් මින් ඉහත ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක අත්දැකීම් ලබා නොතිබුණු පිරීසකි.

කෙසේ වෙතත්, ඔවුන් ප්‍රභල ඉන්දියාවට අභියෝග කරමින් කෙටිදුර ධාවන ඉසව් සියල්ලෙන්ම පාහේ රන් පදක්කම් දිනා ගත්තේ, මෙරට මලල ක්‍රීඩාව තවදුරටත් ජවයෙන් හා ජීවයෙන් යුතු බව පසක් කරමිනි.

රන් පදක්කම් 12 ක් අතුළුව සමස්ථ පදක්කම් 41 ක් ලබා හිමිකරගැනීමට මේ දරු දැරියන් සමත් විය.

මලල ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂය කරගනිමින්, සුගත්, සුසන්තිකා දර්ශා යුගයට මෙරට මලල ක්‍රීඩාව ගෙන යෑමට දැන් අවස්ථාව ලැබී තිබේ.

සහාය දිවීමේ කණ්ඩායමට අවස්ථාව අහිමි කිරීම

ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන දිගින් දිගටම විවේචන එල්ල කළ ක්‍රීඩා ලෝලියා එවක දී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව මෙතරම් ඉහළ තලයක තිබෙන බව නොදැන සිටියේය.

වර්ථමානය වන විට ඔවුන්, මලල ක්‍රීඩාව වෙනුවෙන් ද ඉදිරිපත් වීම ක්‍රීඩාවෙ අනාගතයට ඉතා සුබ දායකය.

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සහාය දිවීමේ බාලිකා රන් පදක්කම දිනාගත් කණ්ඩායමට ආසියානු ශූරතාවලියට සහභාගීවීම අහිමි කර ඇත්තේ, පරිසාධන මට්ටම අභිබවා යාමට නොහැකිවූ නිසාවෙනි.

නමුත්, පරිසාධන මට්ටම යනු මෙරට මලල ක්‍රීඩා සංගමය මගින් ඉදිරිපත් කරන නිර්ණායකයකි. නිර්ණායක සැකසෙන්නේ ක්‍රීඩාවේ උන්නතිය සඳහාය.

තත්පර දශම 26 ක් අඩු වීම හේතුවෙන්, දැරියන් පිරිසක් චිත්ත පීඩාවට ලක්වීම ක්‍රීඩාවේ අනාගතයට බාධාවක් වනු නො අනුමානය.

එම ක්‍රීඩිකාවන් සිව් දෙනා වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට ද සමාජ ජාල වල පිරිස් ඉදිරිපත් වීමම මලල ක්‍රීඩාව ලද ජයග්‍රහණයකි.

කවටයන් එලවා ක්‍රීඩාව නංවන්න කාලය පැමිණෙයි

දැන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ඉතිරිව ඇත්තේ, මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සුභසාධනයට සැලසුම් සකස් කිරීමයි.

අනුග්‍රාහකයන් සොයා ගනිමින්, ක්‍රීඩාව නැංවීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විශ්වාසය දිනාගත් සංගමයක් ලෙස ඉදිරියට යෑමයි.

කිසිදු ප්‍රයෝජනයක් නැති කවටයන් පිරිසක් පෝෂණය කිරීමට ජාතික සංගමයක වත්කම් භාවිත කිරීම ජාතික අපරාදයක් බව ද පසක් කරගත යුතුය.

මලල ක්‍රීඩාවට අනුග්‍රාහකයන් සොයාගැනීම අපහසු කාර්යක්ව ඇත්තේ මේ, කවටයන්ගේ නිවට ක්‍රියාවන් හේතුවෙන්ද විය හැක.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org