Video – වසර 20 කට පසුව මීටර් 200 වාර්තාව අලුත් වෙයි
ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ ආරම්භක දිනය වූ අද වසර 20 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් තමා සතු කර ගැනීමට විනෝජ් සුරංජය ද සිල්වා සමත් විය.
ඒ 1998 වසරේ තායිලන්තයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ දී හිටපු ධාවන ශූර සුගත් තිලකරත්න විසින් මීටර් 200 ඉසව්වෙන් පිහිටුවා තිබූ වාර්තාවයි.
විනෝජ් අද අවසන් තරගයට සහභාගීවෙමින් තත්පර 20.68 ක කාලයක් වාර්තා කරමින් තරගය ජයගත්තේ, සුගත් තිලකරත්න විසින් වාර්තා කර තිබූ තත්පර 20.69 ක කාලය තත්පර 0.01 කින් අලුත් කරමිනි.
අද පැවති මීටර් 200 මූලික වටයේ දී ද විනෝජ් මීටර් 200 ඉසව්වේ හොඳම කාලය වූ 20.84 ක කාලය සම කිරීමට සමත්විය.
අවසන් තරගයේ දී විනෝජ් හමුවේ පරාජය වූයේ තත්පර 21.24 කාලයක් වාර්තා කළ හිමාෂ ඒෂාන් හා තත්පර 21.37 ක කාලයක් වාර්තා කල දිලිප් රුවන්.



