වසර 32 ක මීටර් 200 වාර්තාව ශේලින්ඩා ජෙන්සන් ට

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

Gateway sprinter Shelinda Jansen clocked 24.98 seconds to set new meet record in the girls under 18 200m breaking the record of 25.04 seconds set by Taniya Van Heer in 1986.


ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ වාර්තා ගත තරග ජයක් වාර්තා කිරිමට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශේලින්ඩා ජැන්සන් අද සමත් වූවාය.

වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 200 අවසන් තරගයේ දී ඇය ජයග්‍රහණය වාර්තා කළේ තත්පර 24.98 ක කාලයක් වාර්තා කරමින්ය.

ඇය වසර 32 ක් පැරණි වාර්තාවක් මෙසේ අලුත් කළේ, කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ මධාරා වීරසූරිය හා ගේට්වේ විද්‍යාලයේම සදීපා හෙන්ඩර්සන් පරාජය කරමිනි.

වයස අවුරුදු 18න් පහළ ජාතික කණිෂ්ඨ ශූරතා තරගාවලි වාර්තාව මිටර් 200 ඉසව්වෙන් 1986 වසරේ දී තත්පර 25.04 ක දක්ෂතාවක් සමගින් පිහිටුවා තිබුණේ ටානියා වැන් හියර් වේ.
.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org