Latest News

අකුරම්බඩ අරුණ, මලල ක්‍රීඩාවට අරුණලු කැඳවයි

Sprinter Aruna Darshana dazzled the track in the boys under 20 200m breaking the record thrice during the heats, semi-finals and final at the Junior National Athletics Championship where several record breaking performances were seen at the newly laid Sugathadasa track in Colombo.


ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දින දෙකේ දී, වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩකයෙකු වීමට අරුණ දර්ශන සමත්විය.

මහනුවර අකුරම්බඩ වීර කැප්පැටිපොළ විද්‍යාලය නියෝජනය කරන ඔහු,වයස අවුරුදු 20 න් පහළ මිටර් 200 බාලක ඉසව්වෙන් තෙවරක් තරගාවලි වාර්තාව අලුත් කිරිමට සමත්විය.

මූලික වටයේදී තත්පර 21.64 ක දක්ෂතාවක් දැක්වූ දර්ශන, අද පැවතු අවසන් පූර්ව වටයේ තරගයේ දී තත්පර 21.45 ක දක්ෂතාවක් දක්වමින් නැවත තරගාවලි වාර්තාවක් අලුත් කළේය.

ඉන් නොනැවතුනු අරුණ අවසන් තරගයේ දී නැවත තත්පර 21.38 කින් තරගය අවසන් කළේ තරගාවලි වාර්තාව තවර්ත තත්පර දශම 07 කින් අලුත් කරමිනි. ඒ අනුව ඔහු ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට තම ස්ථානය ද තහවුරු කරගත්තේ, ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයෙන් ඉදිරිපත් කළ තත්පර 21.40 ක් වූ පරිසාධන මට්ටම අභිබවා යමිනි.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ හා මීටර් 400 ඉසව්වේ දක්ෂයෙකු වූ අරුණ පසුගිය වසරේ මීටර් 200 ඉසව්වට ද වැඩි අවධානයක් යොමුකිරිමෙන් පසුව දැක්වූ ඉහළම දක්ෂතාව ද මෙයයි.

තත්පර 47.19 ක දක්ෂතාවක් මීටර් 400 ඉසව්වෙන් හොඳම දක්ෂතාව ලෙස දැක්වූ දර්ශන ‍මෙම වසරේ දී තත්පර 47 ට අඩු කාලයක් මීටර් 400 ඉසව්වෙන් දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

5 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

5 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

7 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago