වලල ක්‍රීඩිකා දිල්ශී කුමාරසිංහ 29 වසරක් පැරණි වාර්තාවක් බිඳ හෙළයි

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

Walala’s middle distance sensation , Dilshi Kumarasinghe announced her self is ready for senior league clocking 2 minutes 09. 13 seconds in the girls under 20 800m, erasing 14 year old record of AAN Sanjeewani’s (2:12.33 seconds ) set in 2004.


ජාතික කණිෂ්ඨ ශූරතාවලියට සහභාගීවෙමින් මීටර් 800 වයස අවුරුදු 20 න් පහළ බාලිකා ඉසව්ව ජයගත් වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ දිල්ශී කුමාරසිංහ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ද සමත්වුවාය.

මීටර් 800 වයස අවුරුදු 20 න් පහළ බාලිකා ජාතික කණිෂ්ඨ ශූරතාවලි තරග වාර්තාව වසර 14 ක් පැරණි වාර්තාවක් වීම විශේෂත්වයක් විය.

එසේම ඇය මෙහි දී දැක්වූ දක්ෂතාව, මීටර් 800 බාලිකා ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව ද අභිබවා යාමක් විය.

තවමත් 19 හැවිරිදි වියේ පසුවන ඇය මෙලෙස බිඳ හෙළුවේ මීට වසර 29 කට පෙර, ශ්‍රියාණි ධම්මිකා මැණිකේ විසින් පිහිටුවා තිබූ කණිෂ්ඨ තරග වාර්තාවයි.

දිල්ශී මෙහිදී දැක්වූ කාලය මිනිත්තු 2 යි තත්පර 9 දශම 13 ක කාලයයි.

ශියාණී ධම්මිකා මැණිකේ සතුවූ වාර්තාව මිනිත්තු 2 යි තත්පර 10 යි දශම 5 කි.

ජාතික කණිෂ්ඨ ශූරතාවලි වාර්තාව වූ යේ මින් වසර 14 කට පෙර එන් සංජීවනී ක්‍රීඩිකාව විසින් මිනිත්තු 2 තත්පර 12 යි දශම 33 ක් ලෙස වාර්තා කළ කාලයයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org