Video : ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැති, අවසන් දිනයේ ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට සාර්ථක තරග අවසානයක් දැක්වීමට හැකි විය.
අවසන් තරගයේ දී තත්පර 39.08 ක දක්ෂතාවක් දැකවූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ හයවැනි ස්ථානයයි.
ලෝක පූජිත කණ්ඩායමක් රැසක් සමගින් කරට කර තරගයක් ලබා දී මෙම ස්ථානය හිමිකරගැනීම මෙන්ම, අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම ද සැලකිය යුතු දක්ෂතාවක් වේ.
හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කාළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී තත්පර 39.47 ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
2015 වසරේ දී චීනයේ දී පිහිටුවූ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ කාලය තත්පර 39.38 කි. එම කණ්ඩායම නියෝජනය කළේ ද ඉහත ක්‍රීඩකයන් සිව්දෙනා වේ.



