Video : ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැති, අවසන් දිනයේ ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට සාර්ථක තරග අවසානයක් දැක්වීමට හැකි විය.

අවසන් තරගයේ දී තත්පර 39.08 ක දක්ෂතාවක් දැකවූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ හයවැනි ස්ථානයයි.

ලෝක පූජිත කණ්ඩායමක් රැසක් සමගින් කරට කර තරගයක් ලබා දී මෙම ස්ථානය හිමිකරගැනීම මෙන්ම, අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම ද සැලකිය යුතු දක්ෂතාවක් වේ.

හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කාළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී තත්පර 39.47 ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

2015 වසරේ දී චීනයේ දී පිහිටුවූ  ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ කාලය තත්පර 39.38 කි. එම කණ්ඩායම නියෝජනය කළේ ද ඉහත ක්‍රීඩකයන් සිව්දෙනා වේ.

https://www.facebook.com/CeylonAthletics/videos/511103245951794/

 

https://www.facebook.com/CeylonAthletics/videos/511147689280683/

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org