ජාතික කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ තේරීම් තරගාවලිය නැවත කල්යයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් මස 2 වැනි දා සිට 4 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත වූ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලිය අප්‍රේල් මස 23 වැනි දා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස ද පැවැත්වීමට නියමිත වූ මෙම තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

සුගතදාස ක්‍රීඩංගණය නවීකරණ කටුයුතු වලින් පසුව මෙම මස 31 වැනි දාට පෙර භාරදීමට නියමිත වූ වුවද, සැලසුම් කළ ආකාරයෙන් වැඩ කටයුතු අවසන් නොවීම හේතුවෙන්, මෙලෙස තරගාවලිය කල් දැමීමට සිදුව තිබේ.

කණිෂ්ඨ තරගාවලිය ඒ අනුව අප්‍රේල් මස 22 සිට 26 දක්වා පැවැත්වෙන අතර, ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන තේරීම් තරගාවලියේ පළමු අදියර 27 වැනි දා හා 28 වැනි දා පැවැත්වෙනු ඇත.

දියගම ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාර්ශවයෙන් මෙය වාසිදායක තීරණයක් ලෙස මෙම තීරණය සැලකිය හැක.

කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org