update: ආසියානු ඇවිදීමේ සමස්ථ තරගාවලියේ කල්හාරිට 34 වැනි තැන චන්දික 98 වැනි තැන

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු කිලෝමීටර් 20 තරග ඇවිදීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කල්හාරී මදරිකා සමස්ත තරගයේ දී 34 වැනි ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත.

මෙම තරගාවලිය විවෘත හා ආසියානු යන කාණ්ඩ යටතේ පැවැති අතර, මෙහි ආසියානු කාණ්ඩයේ ප්‍රථිඵලයට අනුව කල්හාරි මදරිකා ක්‍රීඩිකාවන් 8 දෙනෙකු අතරින් 7 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

1:56:19 කාලයකින් කල්හාරී තරගය අවසන් කර ඇති අතර, කල්හාරි ගේ පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා වන්නේ 1:47:32 ක කාලයකි.

එහි පිරිමි ඉසව්වට සහභාගීවූ ශමිල චන්දිකට සමස්ථ තරගයේදී,  98 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත.

ඔහුගේ තරග අවසන් කළ කාලය ලෙස සටහන් වන්නේ, 1:41:22 ක් වේ.

නමුත්, ඔහුගේ පුද්ගලික් හොඳම කාලය 1:30:09 ලෙස පසුගිය වසරේ දී වාර්තා විය.

ආසියානු කාණ්ඩයේ දී,  ශමිල චන්දික ක්‍රීඩකයන් 11 ක් අතරින් දසවැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

විදෙස් තරග අවස්ථාව හිමි නොවීම හා අත්දැකීම් මදකම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවන් තරගාවලි වල දී මුහුණදීමට ඇති විශාලතම බාධාව ලෙස සැලකිය හැක.

ජපානයේ නොමි හීදී පැවැති මෙම තරගාවලියෙ කාන්තා අංශයෙන් චීන ක්‍රීඩිකාවක් ජයග්‍රහණය කළ අතර, පිරිමි අංශයෙන් ජපාන ක්‍රීඩකයෙකු ජය වාර්තා කළේය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org