ඔස්ට්‍රේලියාවේ සිඩිනි හී දී පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවූ උසපැනීමේ ශූර මංජුල කුමාර තරගය අවසන් නොකර අත්හැර දැමූවේය.
මීටර් 2.18 හා මීටර් 2.21 ක උස ප්‍රමාණයන් ඉතා පහසුවෙන් තරණය කළ මංජුල මීටර් 2.25 ක උස ප්‍රමාණය පළමු උත්සාහයෙන් පසුව අත්හැර දමා තිබේ.
මෙල්බන් හී දී පුහුණුකටයුතු වල යෙදෙන මංජුල ඉදිරියේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගයට සහභාගීවිය. සිය රිද්මය පවත්වාගෙන යනවාදැයි පරික්ෂා කිරීම සඳහා මෙම ඉසව්වට බොහෝ ක්‍රීඩකයන් සහභාගීවිය. මෙවන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවන මලයාසියානු ක්‍රීඩකයෙක් ද මීට සහබාගී වුවත් ඔහුට ද සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි නොවීය.
ගමන් මහන්සිය හා තෙහෙට්ටු බව හේතුවෙන්, ඉදිරි තරගාවලියේ දී ආබාධ තත්වයකින් තොරව සහභාගීවීමේ අවස්ශ්‍යතාව මත මෙලෙස තරගය අත්හැර දැමූ බව මංජුල සිලෝන් ස්පෝර්ට්ස් වෙත පැවසුවේය.
සුපුරුදු රිද්මයේ පසුවන බවත්, ශක්තිය ඉතිරිකරගනිමින් ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍ර්‍රීඩා උළෙලේ දී උපරිම දක්ෂතාවය ළඟාවීම අරමුණ බව ද හෙතෙම පැවසීය.
මංජුල මීටර් 2.21 ක දක්ෂතාව දැක්වූ ආකාරයේ වීඩියෝව
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…