මංජුල කුමාර මීටර් 2.21 න් පසුව සිඩ්නි තරගය අත් හැර දමයි (video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඔස්ට්‍රේලියාවේ සිඩිනි හී දී පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවූ උසපැනීමේ ශූර මංජුල කුමාර තරගය අවසන් නොකර අත්හැර දැමූවේය.

මීටර් 2.18 හා මීටර් 2.21 ක උස ප්‍රමාණයන් ඉතා පහසුවෙන් තරණය කළ මංජුල මීටර් 2.25 ක උස ප්‍රමාණය පළමු උත්සාහයෙන් පසුව අත්හැර දමා තිබේ.

මෙල්බන් හී දී පුහුණුකටයුතු වල යෙදෙන මංජුල ඉදිරියේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගයට සහභාගීවිය.  සිය රිද්මය පවත්වාගෙන යනවාදැයි පරික්ෂා කිරීම සඳහා මෙම ඉසව්වට බොහෝ ක්‍රීඩකයන් සහභාගීවිය. මෙවන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවන මලයාසියානු ක්‍රීඩකයෙක් ද මීට සහබාගී වුවත් ඔහුට ද සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි නොවීය.

ගමන් මහන්සිය හා තෙහෙට්ටු බව හේතුවෙන්, ඉදිරි තරගාවලියේ දී ආබාධ තත්වයකින් තොරව සහභාගීවීමේ අවස්ශ්‍යතාව මත මෙලෙස තරගය අත්හැර දැමූ බව මංජුල සිලෝන් ස්පෝර්ට්ස් වෙත පැවසුවේය.

සුපුරුදු රිද්මයේ පසුවන බවත්, ශක්තිය ඉතිරිකරගනිමින් ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍ර්‍රීඩා උළෙලේ දී උපරිම දක්ෂතාවය ළඟාවීම අරමුණ බව ද හෙතෙම පැවසීය.

මංජුල මීටර් 2.21 ක දක්ෂතාව දැක්වූ ආකාරයේ වීඩියෝව

https://youtu.be/XXjGd1chNLA

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org