සාමාන්‍යයෙන් කෙටිදුර ධාවනය හා ශක්තිය රඳවා ගැනීම නැතහොත් විඳදරා ගැනීම හුරු කරවීමට සිදුකරන්නේ ශරීර යෝග්‍යතාව පවත්වාගැනීමේ භෞතික සංවර්ධන පුහුණුවීම් කිරිමෙනුයි.
නමුත්, නූතන අධ්‍යනයන් මගින් හෙළිවන්නේ, ස්නායු පද්ධතිය හා මනස ද කෙටිදූර ධාවන ශූරයෙකුගේ ශරීරය හා භෞතික සංවර්ධනයේ දී, සංවර්ධනය කළ යුතු බවයි.
කෙටි වෙලාවක් තුළ වැඩි වේගයක් ලබා ගැනීමට නම්, මොළයෙන් සංඥාවක් කෙටි කාලයක් තුළ මාංශ පේශීන් හා ස්නායු පද්ධතිය වෙත යොමුකළ යුතු වනවා.
මෙය තත්පරයකි දහසකින් පන්ගුවක දී සිදුවිය හැකියි. මෙය හැඳින්වෙන්නේ Neuomuscular Cordination ලෙසයි.
මධ්‍යම ස්නායු පද්ධතිය (මොළය) මගින් අත්‍යාවශ්‍ය මාශංපේෂින් පාලනය කිරීම මින් ඇඟවෙයි.
මෙය දෙයාකාරයකින් සිදුවන බව පැවසේ.
ඒ මාංශපේෂීන් තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය කිරීම හා මාංශ පේෂීන් කිහිපයක් අතර ඇතිකළයුතු ක්‍රියාකාරකම් පාලනය කිරීම වේ.
මොළය හා මාංශ පේෂීන් අතර ඇති මේ සබඳතාව වර්ධන කිරීමෙන් ඔබට ඉතා වේගයෙන් ධාවනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
මේ සඳහා ඔබ මානසික ක්‍රියාකාරීත්වය වර්ධනය කරගැනීමටත් උනන්දු විය යුතුයි.
කෙටි දුර ධාවනය යනු දක්ෂතාවක්, දක්ෂතාව පුහුණුවීම් තුළින් වර්ධනය කරගත හැකියි.
ප.ලි: මෙය සරල පරිවර්ථනයක් පමණක් වන බව කරුණාවෙන් සලකන්න. විද්‍යාත්මක යෙදුම් මෙහිදී සරල ලෙස පරිවර්ථනයක් සිදුකර ඇති බවත්, යම් වරදක් වේ නිවැරදි කිරීම පළ කිරීමට බැඳී සිටියි.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…