මානසික ශක්තිය වර්ධනය මලල ක්‍රීඩකයෙකුට වැදගත් වන බව ඔබ දැන සිටියා ද ? 

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

සාමාන්‍යයෙන් කෙටිදුර ධාවනය හා ශක්තිය රඳවා ගැනීම නැතහොත් විඳදරා ගැනීම හුරු කරවීමට සිදුකරන්නේ ශරීර යෝග්‍යතාව පවත්වාගැනීමේ භෞතික සංවර්ධන පුහුණුවීම් කිරිමෙනුයි.

නමුත්, නූතන අධ්‍යනයන් මගින් හෙළිවන්නේ, ස්නායු පද්ධතිය හා මනස ද කෙටිදූර ධාවන ශූරයෙකුගේ ශරීරය හා භෞතික සංවර්ධනයේ දී, සංවර්ධනය කළ යුතු බවයි.

කෙටි වෙලාවක් තුළ වැඩි වේගයක් ලබා ගැනීමට නම්, මොළයෙන් සංඥාවක් කෙටි කාලයක් තුළ මාංශ පේශීන් හා ස්නායු පද්ධතිය වෙත යොමුකළ යුතු වනවා.

මෙය තත්පරයකි දහසකින් පන්ගුවක දී සිදුවිය හැකියි. මෙය හැඳින්වෙන්නේ Neuomuscular Cordination ලෙසයි.

මධ්‍යම ස්නායු පද්ධතිය (මොළය) මගින් අත්‍යාවශ්‍ය මාශංපේෂින් පාලනය කිරීම මින් ඇඟවෙයි.

මෙය දෙයාකාරයකින් සිදුවන බව පැවසේ.

ඒ මාංශපේෂීන් තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය කිරීම හා මාංශ පේෂීන් කිහිපයක් අතර ඇතිකළයුතු ක්‍රියාකාරකම් පාලනය කිරීම වේ.

මොළය හා මාංශ පේෂීන් අතර ඇති මේ සබඳතාව වර්ධන කිරීමෙන් ඔබට ඉතා වේගයෙන් ධාවනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ සඳහා ඔබ මානසික ක්‍රියාකාරීත්වය වර්ධනය කරගැනීමටත් උනන්දු විය යුතුයි.

කෙටි දුර ධාවනය යනු දක්ෂතාවක්, දක්ෂතාව පුහුණුවීම් තුළින් වර්ධනය කරගත හැකියි.

ප.ලි: මෙය සරල පරිවර්ථනයක් පමණක් වන බව කරුණාවෙන් සලකන්න. විද්‍යාත්මක යෙදුම් මෙහිදී සරල ලෙස පරිවර්ථනයක් සිදුකර ඇති බවත්, යම් වරදක් වේ නිවැරදි කිරීම පළ කිරීමට බැඳී සිටියි.

https://www.facebook.com/CeylonAthletics/videos/498167550578697/

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org