ආසියානු රට හරහා ධාවන ශූරතාවට සමන්ත හා නිලානී චීනෙට යයි

By www.ceylonathletics.com | | English, Latest News, Sinhala

14 වැනි වරට පැවැත්වෙන ආසියානු ශූරතා රට හරහා තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක තේරීපත් විය.

පසුගිය දා නුවර එළියේදී පැවැති ජාතික මහා ක්‍රීඩා රට හරහා තරගාවලියේදී සුදුසුකම් සැපිරූ සමන්ත (RMS) පුශ්පකුමාර හා නිලානී රත්නායක එලෙස මෙම තරගයට සහභාගීවේ.

ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේදී දිවයිනෙන් පියත්ව ගියේය.

තරගාවලිය චීනයේ දී අනිද්දා (15) පැවැත්වීමට නියමිත වන අතර, එරට වේලාවෙන් 10 ට ආරම්භ වීමට නියමිතය.

සමන්ත (RMS) පුෂ්පකුමාර විවෘත පිරිමි අංශයෙන් තරග කරන අතර නිලානී රත්නායක විවෘත කාන්තා අංශයෙන් තරග වදිනු ඇතියි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org