ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී දි පැවැත්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන කිසිදු කණ්ඩායමක් මේවන තෙක් කිසිදු මාධ්‍යයක් වෙත නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත.
ඊට බලපා ඇති හේතු සාධක කිසිවක් මේඅවස්ථාවේ ඉදිරිපත් නොකිරීමට තීරණය කරමින් මෙම සටහන තබන්නේ ඉන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතිවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමිනි.
ශ්‍රී ලංකාවට පමණක් වූ නීතියක් ලෙස පෙබරවාරි මස 5 වැනි දාට පෙර මලල ක්‍රීඩා කණ්ඩායම නම් කිරීමට ලබා දුන් කාලයට අනුව නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රිඩිකාවන් 12 දෙනෙකු ඇතුළත් විය.
තේරීම් තරගාවලියේ පරිසාධන මට්ටම පසුකළ මංජුල කුමාර උස පැනීමෙන් හා හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් සම්පත් රණසිංහ සුදුසුකම් ලබා ගත් අතර ඉන් ඉහත හිරුණි විජේරත්න ක්‍රීඩිකාව මැරතන් කාන්තා ඉසව්වෙන් සුදුසුකම් ලැබීය.
ඊට අමතරව නම් කරන ලද සෙසු ක්‍රීඩක ක්‍රිඩිකාවන් වන්නේ.
විනොජ් සුරංජය, හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා සුමේෂ් වික්‍රමසිංහ – මීටර් 100 සහාය ඉසව්ව
නිමාලි ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න – මීටර් 800
නදීෂා දිල්හානී ලේකම්ගේ – හෙල්ල විසිකිරීම
ප්‍රසාද් විමලසිරි – දුර පැනීම
ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ක්‍රීඩා අමාත්‍යංශ්‍යයේ හා ජාතික තේරීම් කමිටුවේ නිර්දේශය මත කෙටි දුර ධාවන ශූරී රුමේෂිකා රත්නායක තෝරා ඇත.
රුමේෂිකාට අත්වූ ඉරණම ගැන කියවන්න
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ලබන 14 වන දා පිටත් වීමට නියමිත බව වාර්තාවේ.
ඉහත කණ්ඩායමමේ නිළධාරීන් ලෙස කටයුතු කරන්නේ.
නිමල්සිරි හේවා විතානගේ – කළමණාකරු
සුනිල් ගුණවර්ධන – සහාය දිවීමේ පුහුණුකරු
ලුවිස් මිරැන්ඩෝ – පුහුණුකරු ( පැනීම් )
සජිත් ජයලාල් – පුහුණුකරු (මැදි දුර )
හර්ෂණ කිංස්ලි – පුහුණුකරු ( හෙල්ල විසිකිරීම )
කෙසේ වෙතත් මෙම කණ්ඩායමට ශරීර සම්බාහකයෙකු ඇතුළත් කර නොමැත.
කියවන්න – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඔලිම්පික් කමිටුවේ කුඩම්මාගේ සැලකිල්ල
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…