ලෝක වාර්තාවකින්, පෝලන්තය ඇමරිකාවේ තටු ගලවයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

එංගලන්තයේ දී පැවැති ගෘහස්ත මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී, සුපිරි දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලෝක වාර්තාවක් සමග මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට පෝලන්තය සමත්වීම කාගේත් අවධානය දිනාගත් අවස්ථාවක් වේ.

ඇමරිකාවේ ආධිපත්‍යට යටත් ව තිබූ ගෘහස්ත මලල ක්‍රීඩා මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ, ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ දී පැවැති අවසන් තරගයේ දී ද ඇමරිකාව පසුවූයේ පැහැදිලි ඉදිරියක් තබා ගනිමිනි.

නමුත් අවසන් මීටර් 50 දී පමණ සිය උපරිමය දක්වා සටන් කළ එක් පෝලන්ත ක්‍රීඩකයෙකු හේතුවෙන් සියල්ල උඩු යටිකුරු විය.

අවසන් යෂ්ඨි හුවමාරුවෙන් පසුව තරග කළ යකුබ් ශවීනා පෝලන්තය වෙනුවෙන් මෙම ජයග්‍රහණය වාර්තා කළේ ඇමරිකාවට රන් පදක්කම මෙන්ම, ලෝක වාර්තාවද අහිමි කරමිනි.

වසර 14 කින් ඇමරිකාව, ගෘහස්ත මීටර් 400 සහාය දිවීමේ ඉසව්වෙන් පරාජය කිරීමට කිසිවෙකු සමත්ව නොවීය.

තරගයේ වීඩියෝව

https://www.youtube.com/watch?v=KJKyURkFxb8

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org